IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


ඇමෙරිකානු නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය

(විමුක්ති එස් රුද්‍රිගු)

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිත පිරිසක් හෙට (26) සිට 29 දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වෙන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය අද (25) නිවේදනය කළේය.

 දූත පිරිසට ආසියාව සඳහා වන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය සහකාර ලේකම් රොබට් කැප්‍රෝත් මහතා,දකුණු සහ මධ්‍යම ආසියාව සඳහා නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින් මහත්මිය ඇතුළත් වන බව පැවැසෙයි.

දූත පිරිස සංචාරය අතරතුර පුළුල් පරාසයක දේශපාලන නියෝජිතයින්, ආර්ථික විද්‍යාඥයින් සහ ජාත්‍යන්තර සංවිධාන සමඟ සාකච්ඡා කරනු ඇති බව ඇමෙරිකානු තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

එම  සාකච්ඡාවලදී  අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකිකයින්ට මෙන්ම වත්මන් ආර්ථික අර්බුදය විසඳීමට සහ අනාගතය සඳහා තිරසර ආර්ථිකයක් ගොඩනැගීමට උත්සහ දරණ ශ්‍රී ලාංකිකයන්ට සහාය වීමට  වඩාත් ඵලදායී ක්‍රම සොයා බලනු ඇතැයි පැවසෙයි.

දූත පිරිසේ සංචාරය ශ්‍රී ලාංකික ජනතාවගේ ආරක්ෂාව සහ සමෘද්ධිය සඳහා අපගේ අඛණ්ඩ කැපවීම අවධාරනය කරනු ඇතැයි ඇමෙරිකානු තානාපති ජුලී චන්ග් මහත්මිය පැවසුවාය.



අදහස් (4)

ඇමෙරිකානු නියෝජිත පිරිසේ ශ්‍රී ලංකා සංචාරය

kamal Saturday, 25 June 2022 12:39 PM

කෝ මේ විමල් සහෝදරයා...? එන්නකෝ..! ඇවිත් අධිරාජ්‍යවාදී විරෝධයක් පෙන්නන්නකෝ...

:       11       23

gampila Saturday, 25 June 2022 12:54 PM

ඇමෙරිකාව මේ පොහොට්ටුවන්ට උදව් කරන්නේ නැහැ. ඇමෙරිකන් නියෝජිතයෝ දන්නවා ඔය මොනවා කෙරුවත්, හොරුන්, බොරුකාරයින්ගෙන් පිරුණු මේ ආන්ඩුවට සුගතියක් නැහැ කියලා...! 

:       31       12

AB Saturday, 25 June 2022 01:14 PM

එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝජනය කරන ඉහළ පෙළේ නියෝජිත පිරිස ශ්‍රී ලංකාවේ සංචාරයෙන් පසු ඔවුන්ගේ අදහස වනුයේ ලංකාවේ පවතින ආර්ථික අර්බුදය විසඳා ගැනීමට නම් දැනට පවතින දේශපාලනයේ පූර්ණ වෙනසක් සදහා ව්‍යවස්ථාමය, ප්‍රතිපත්තිමය ගැටළු විසඳා ගන්නා තෙක් keep a close eye on Sri Lanka සහ ලෝකයේ දියුණු රටවල දේශපාලන ආර්ථික වෙනස්කම් අධ්‍යයනය කර ශ්‍රී ලංකාවට ගැලපෙන නව දේශපාලන සංස්කෘතියක් සඳහා උද්ඝෝෂණ පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ප්‍රජාතන්ත්‍රවාදී වෙනසක් අවශ්‍ය නම් සක්‍රීය දායකත්වයක් ලබාදෙන මෙන් සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමට හැකියාව පවතී...!

:       15       6

sisiraSaturday, 25 June 2022 05:20 PM

පෙරටුගාමීන්ගේ විසඳුම් නොමැති අන්තවාදී අරගල මතින් රටේ දේශපාලනය වෙනස් කළ නොහැක. පෙරටුගාමීන්ගේ බොළඳ අරගල විසිරුවා හැරිම සඳහා රජයට පාඩුව කෝටි ගණනකි. පොලීසිය, හමුදාව සහ ජලය, කඳුළු ගෑස් වෙනුවෙන් වියදම අධිකයි.

:       1       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 236 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 235 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site