
(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගමට ලබන ජූලි මස 6 වැනිදා දක්වා ගෘහස්ථ ගෑස් සැපයීමට නොහැකි බව එම සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
ලිට්‍රෝ සමාගම ආනයනය කළ ගෑස් මෙටි්‍රක්ටොන් 3,500 බැගින් වන නෞකා දෙකක් ලබන ජූලි මස 5 වැනිදා සිට 12 වැනිදා දක්වා කාලය තුළ ලැබීමට නියමිත බවත් එම ගෑස් නෞකා නියමිත පරිදි ලැබුණ හොත් 6 වැනි නැවත සැපයුම ආරම්භ කළ හැකි බවත් ඔහු කීය.
ලිට්‍රෝ සමාගම සතුව ගෑස් තොග නොමැතිවීමෙන් ගෘහස්ථ ගෑස් සැපයුම මේ මස 4 වැනිදා අත්හිටුවූ අතර මේ වන විට දින 22 ක් ගෘහස්ථ ගෑස් බෙදාහැර නොමැත.
ගෑස් බෙදාහැරීම නතර වී තිබුණ ද එම දින 22 තුළ ගෑස් අළෙවිසල් අසළ දිගු ගෑස් සිලින්ඩර පෝලිම් දැකිය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෑස් ලිප සහ ගෑස් ටැංකිය දිහා බලබලා කුස ගින්නෙන් උයන්නට සිදුව ඇත...
විශ්වය පුරා විහිදී ගිය පොදු ජන ජය රාවේ අපි වෙනුවෙන් අපි අතරම නැගෙනා බලාපොරොත්තුව මේ ජනහද දිනූ මහින්ද නම් උතුම් සොයුර ඇසුරේ ගුණදම් පිරූ අභිමන් දැරූ ගෝඨාභය නාමේ වැඩ කරන අපේ විරුවා මව්බිමට පෙමින් සැමදා රට රකින කෙනෙක් වේ නම් ඒ ඔබයි උතුම් මිනිසා..