විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහලට විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය. 09 August 2022
අනාගතයේ අභාග්‍යයට වැළළුණු සම්පත් කැබිතිගොල්ලෑව අංක 26 කුංචුට්ටු තුලානේ දුටුවැව ගම්මානයේ මහා රූස්ස වනාන්තරයක් මැද ඩොලර් බිලියන ගණන් උපයා ගත හැකි ජාතික සම්පතක් වූ මිනිරම්පතල ප්‍රයෝජනයට නොගැනීම මහා අපරාධයක් බව දුටුවැව ගම්වාසීහු පවසති. 09 August 2022
බත් පැකට් එකක-තේ කෝප්පයක මිල පහළට ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල පහත වැටීම පිළිබඳ අවධානය යොමු කරමින් බත් පැකට් එකක මිල සියයට 10 කින් ද, තේ කෝප්පයක මිල රුපියල් 30 ක් දක්වා ද, අඩු කළ බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා පැවසීය. 09 August 2022
අරගලයට දින 123යි 74 වසරක දේශපාලන සාපය නිමා කරන ලෙසත් ජනතාවාදී පාලනයක් ගොඩනගන ලෙස ඉල්ලමින් කොළඹ ගාලු මුවදොර පිටියේ විරෝධතාවයක නිරත වෙන තරුණ තරුණියන්ගේ අරගලයට අදට දින 123 වේ . 09 August 2022
තානාපතිවරයෙක් අමාත්‍යාංශ ලේකම්වරු සිවුදෙනෙක් උසස් නිලතල කමිටුවට ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ අමාත්‍යාංශ ලේකම්වරු සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවට කැඳවනු ලැබ සිටිති. 09 August 2022
ගෑස් සඳහාත් මිල සූත්‍රයක් ගෘහස්ථ ගෑස් සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. 09 August 2022
පාවී ආ යකඩ බටය මෝටර් රථය සිදුරු කරයි කොළඹ පුරහල ආසන්නයේ ඉදි කෙරෙමින් පවතින මහල් 20 කින් පමණ වූ ගොඩනැගිල්ලකින් මාර්ගයට ඇදවැටුණු යකඩ බම්බුවක් කාර් රථයක ඉදිරියට පතිතවීමෙන් කාර් රථයට හානි සිදුවී ඇති අතර පුද්ගලයකුගේ පාදයකට සුළු තුවාල සිදු වී තිබේ. 09 August 2022
බ්‍රිතාන්‍යයේ පෝලියෝ බියක් පෝලියෝ වයිරසයේ ව්‍යාප්තිය ගැන බියක් හටගැනීමත් සමඟ ලන්ඩන් නුවර අවුරුදු 10 ට අඩු පොඩිත්තන්ට පෝලියෝ මර්දන බූස්ටර් එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ. 09 August 2022
ධූරයේදී ලැබුණු තෑගි ඉම්රාන් ගෙදර අරන් ගිහින් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, සිය ධුර කාලය අතරතුරේ විදෙස් දූතයන්ගෙන් ලැබුණු ත්‍යාගවලින් වැඩි ප්‍රමාණයක් ධුරයෙන් පිටව යද්දී රැගෙන ගොස් ඇති බවත්, ‘ටොෂඛානා’ දෙපාර්තමේන්තුවට ගෙවා ඇත්තේ භාණ්ඩ කීපයක් සඳහා ඒවායේ වටිනාකම පමණක් බවත් ෂෙහ්බාස් ෂරීෆ්ගේ වත්මන් රජය චෝදනා කරයි. 09 August 2022
ආයුධ පෙන්වන්න ගිය අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගල්වළකින් වැටී මරුට ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයකු බව කියන කඩවත ඉහල බියන්විල ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු සඟවා ඇති ආයුද තොගයක් පෙන්නිමට ගිය අවස්ථාවේ ගල්වලකින් පහළට වැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි නවගමුව පොලිසිය කියයි. 09 August 2022
සංචාරක කර්මාන්තයට නව ඉන්ධන කාඩ් පතක් සංචාරක කර්මාන්තයේ ඉන්ධන අවශ්‍යතාව සම්පුර්ණ කිරීමට නව ඉන්ධන කාඩ් පතක් එළඹෙන සතියේ හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 09 August 2022
දිස්ත්‍රික්ක කීපයකට වැසි වාර කිපයක් ඇති වෙයි බස්නාහිර, සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් අද (9) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 09 August 2022
කතරගම 400ක් ගිනි පාගති කතරගම ඇසළ පෙරහරට සමගාමිව සිදුකරන ගිනි පෑගිමේ උත්සවයට බැතිමත්හු 400ක් පමණ එක්වී සිටියහ. 09 August 2022
මහ දවල් කොටහේනේ කොල්ලය කොටහේන බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට මහ දවාලේ අත් මාංචු යුගලක් රැගෙන ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනකු නිවෙස් හිමියන් බිය ගන්වා රුපියල් කෝටි ගණනක රන් භාණ්ඩ සහ මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි කොටහේන පොලීසිය කියයි. 09 August 2022
ගිවිසුම කඩකරත් බලධාරීන් නිහඬයි ලංකා ධීවර සංස්ථාවට අයත් ගාල්ල ශීතාගාර සංකීර්ණයේ මසුන් සැකසුම් ඒකකයේ අධිශීතාගාර සහ ශීතාගාර බදු පදනම මත ලබාගෙන තිබෙන ප්‍රධාන පෙළේ ටින්මාළු සමාගමක් ගිවිසුම් කඩකරමින් රුපියල් මිලියන 6ක බැංකු ඇපකරය තැන්පත් කිරීම වසරකට වැඩි කාලයක් පැහැර හැර ඇති බව වාර්තා වේ. 09 August 2022
මන්ත්‍රීවරු පහකට ගමන් පහසුව අගමැති කාර්යාලයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පස් දෙනකු සඳහා මාස දෙකක කාලයකට අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් ප්‍රවාහන පහසුකම් ලබාදීමට අග්‍රමාත්‍ය කාර්යාලය තීරණය කර ඇතැයි වාර්තා වේ. 09 August 2022
හික්කඩුවේ හෝටලයක ගින්නක් හික්කඩුව වවුලගොඩ ප්‍රදේශයේ හෝටලයක් අද (08) රාත්‍රියේ ගිණි ගැනිමට ලක්ව ඇති බැව හික්කඩුව පොලිසිය පවසයි. 08 August 2022
ජාතික විරෝධතාවයට රට සැරසෙන හැටි ආණ්ඩුවට සහ ආණ්ඩුව සිදු කරන්නේ යැයි පැවසෙන මර්දනයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී පක්ෂය මූලික කරගත් ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය සහ වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් සංවිධානය කරනු ලබන උද්ඝෝෂණ මාලාවක් හෙට (9) රටපුරා ප්‍රධාන නගරවලදී පැවැත්වේ. 08 August 2022
නගර සභා හතකට - ප්‍රා.සභා තුනකට උසස් වීම් නගර සභා හතක් මහ නගර සභා ලෙස ද,ප්‍රාදේශීය සභා තුනක් නගර සභා ලෙසද උසස් කිරීමටත රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය රජයට කර ඇත. 08 August 2022
විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතුවලට පොලිය ගෙවන්න යයි ලංකා විදුලිබල මණ්ඩලයෙන් විදුලිය ලබා ගැනීමේ දී පාරිභෝගිකයන්ගෙන් ලබාගන්නා මුදල් තැන්පතුවලට හිමිවිය යුතු පොලිය පාරිභෝගිකයන්ට ගෙවීමට කටයුතු කරන බව නීතිපතිවරයා නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (08) දැනුම් දුන්නේය. 08 August 2022
රජයට කෝටි 1600ක් අහිමි කළ සීනි බදු සිද්ධියට විමර්ශනයක් සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා අඩුකර ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 1600කට ආසන්න බදු මුදලක් අහිමි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එන්. ඉලංගසිංහ මහතා ඉදිරියේ අද (08) කරුණු වාර්තා කර ඇත. 08 August 2022
යුවාන් වැන්ග් 5ට විරෝධය දැක්වීම පදනම් විරහිතයි යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට ඉන්දියාව විරෝධය දැක්වීම පදනම් විරහිත ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවන සාමාන්‍ය හුවමාරුවකට ඉන්දියාව බාධා නොකල යුතු බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළ බව ’ද හින්දු’ පුවත්පත පැවසුවේය. 08 August 2022
ඊජිප්තු ජනපතිගෙන් රනිල්ට සහතිකයක් ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබඳ ඊජිප්තු රජය විශ්වාසයෙන් පසුවන බව ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි. 08 August 2022
අද ‘කොවිඩ්’ ආසාදිතයන් 180 ක් ‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 180 දෙනකු අද (8) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය. 08 August 2022
කොවිඩ් මරණ තවත් දෙකක් ‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (7) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (8) පස්වරුවේ තහවුරු කළේය. 08 August 2022
සැර කොරෝනා සෙවීමේ පරීක්ෂණ ඇරඹේ සැර කොරෝනා වයිරස ප්‍රභේද සෙවීමේ තවත් පරීක්ෂණ වටයක් අද(8) ආරම්භ කළ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවැසීය 08 August 2022
ලිප්ටන් වටරවුමේත් විරෝධතා ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කොළඹ ලිප්ටන් වටරවුමේදී අද (8) පස්වරුවේ උද්ඝෝෂනයේ නිරත විය. 08 August 2022
ලිට්රෝ ගෑස් මිල 246කින් පහළට ලිට්රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල අද (8) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 246 කින් අඩු කරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (8) පස්වරුවේ පැවසීය. 08 August 2022
බස් සදහා වෙනම කිව්. ආර් කේතයක් පොදු ප්‍රවාහන සේවයේ නියැළී සිටින ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන එය වෙනුවෙන් වෙනමම කිව්. ආර් කේතුවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ. 08 August 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026