IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බස් සදහා වෙනම කිව්. ආර් කේතයක්

(නිමල කොඩිතුවක්කු)

පොදු ප්‍රවාහන සේවයේ නියැළී සිටින ලංගම බස් රථ සහ පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය වෙන්වෙන් වශයෙන් හඳුනාගෙන එය වෙනුවෙන් වෙනමම කිව්. ආර් කේතුවක් හඳුන්වාදීමට තීරණය කර තිබේ.

ජනමාධ්‍ය,  ප්‍රවාහන හා මහමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන හා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අද (8) ප්‍රවාහන ක්ෂේත්‍රයට අදාල නිලධාරීන් හා පැවති සාකච්ඡාවේදී මේ බව තීරණය කෙරිණ.

මෙමගින් ලංගම ඩිපෝ සහ දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් වෙතින් ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙළක් එළඹෙන සතිය වනවිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන තුරු පොදු ප්‍රවාහන සේවය සඳහා අවශ්‍ය ඉන්ධන අවශ්‍යතාවය ලංගම ඩිපෝ මගින් හා මාකුඹුර, බැස්ටියන් මාවතේ ඉන්ධන පිරවුම්හල් මගින් සිදු කිරීමට නියමිතය.

ගමනාගමන කොමිසන් සභාව සහ පළාත් සභා ඒකාබද්ධව එම රථ නියාමනය කර අවශ්‍ය තොරතුරු ලබා දීමටත් එම තොරතුරු ද සැලකිල්ලට ගෙන අවශ්‍ය තීරණ වලට ලබන සතියේ එළඹීමටත් නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්, ලංකා ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති, ශ්‍රී ලංගම සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

බස් සදහා වෙනම කිව්. ආර් කේතයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 539 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 272 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site