IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ඊජිප්තු ජනපතිගෙන් රනිල්ට සහතිකයක්

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ප්‍රගතිය සහ සෞභාග්‍යය කරා ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇති හැකියාව පිළිබඳ ඊජිප්තු රජය විශ්වාසයෙන් පසුවන බව ඊජිප්තු අරාබි ජනරජයේ ජනාධිපති අබ්දෙල් ෆටා අල් සිසි මහතා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ජනාධිපති ධුරයට පත් රනිල්  වික්‍රමසිංහ මහතාට හෘදයාංගම සුබ පැතුම් පිරිනමා ඇති අබ්දෙල් ෆටා  මහතා ශ්‍රී ලාංකික ජනතාවගේ බලාපොරොත්තු සහ අපේක්ෂාවන් ඉටු කිරීමට වික්‍රමසිංහ මහතා ගන්නා සෑම වැයමක් ම සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරන බවද සඳහන් කරයි.

දෙරටේ පොදු අවශ්‍යතා ඉදිරියට ගෙන යාමට හා වඩාත්  සමෘද්ධිමත් අනාගතයක් සහතික කිරීම සඳහා රටවල් දෙක අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තමා උනන්දුවෙන් පසුවන බවද ඊජිප්තු ජනාධිපතිවරයා පවසයි.



අදහස් (4)

ඊජිප්තු ජනපතිගෙන් රනිල්ට සහතිකයක්

chandima Monday, 08 August 2022 09:44 PM

සහතිකේ දුන්නා නම් ළඟදීම උපාධියත් දෙයි...

:       0       1

fairoos Tuesday, 09 August 2022 12:06 PM

කෙළිය තාප්පෙට. දැන් බයියෝ රනිල්වත් එළවයිද දන්නේ නෑ.

:       0       1

ganegoda Tuesday, 09 August 2022 01:44 PM

ඔය සහතිකය මුත්‍රා සමඟ අඹරලා ඔලුවේ ගාගත්විට ඔටුවෙකුට වගේ බුද්ධියක් ලැබෙනවාලු

:       0       1

Chandima Wednesday, 10 August 2022 04:10 PM

පෙනෙන්නේ නැතිද කමිටු දානවා...? එහෙ යනවා.. මෙහෙ යනවා..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 533 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site