(විමුක්ති එස් රුද්‍රිගු)
යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට ඉන්දියාව විරෝධය දැක්වීම පදනම් විරහිත ක්‍රියාවක් බවත් ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවන සාමාන්‍ය හුවමාරුවකට ඉන්දියාව බාධා නොකල යුතු බවත් චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළ බව 'ද හින්දු' පුවත්පත පැවසුවේය.
යුවාන් වැන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම වැඩිදුර උපදේශන ලබා ගන්නා තෙක් දින නියමයක් නොමැතිව කල් දමන්නැයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයෙන් කළ ඉල්ලීමට චීන විදේශ කටයුතු අමාත්‍යංශය දැඩිව ප්‍රතිචාර දක්වා ඇතැයි 'ද හින්දු' පුවත්පත වාර්තා කළේය.
ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක් බවත් ශ්‍රී ලංකාවට තම සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි අනිත් රටවල් සමඟ සබඳතා වර්ධනය කර ගත හැකි බවත් වැන්ග් වෙන්බින් මහතා පැවසුවේය.
දෙරට විසින් ස්වාධීනව තෝරාගනු ලබන පොදු අවශ්‍යතා මත ශ්‍රී ලංකාව සහ චීනය සහයෝගීත්වය ගොඩනගා ගෙන ඇති බවත් එය තෙවැනි පාර්ශ්වයක් ඉලක්ක කර නොමැති බවත් වැන්ග් වෙන්බින් මහතා සඳහන් කළේය.
බොහෝ විද්‍යාත්මක ගවේෂණ සිදුකරන නැව්, සැපයුම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ වරායන්හි මීට පෙර නැංගුරම් ලා තිබෙන බව ඔහු පෙන්වා දුන්නේය.
චීනයේ සාධාරණ මෙන්ම අර්ථවත් විද්‍යාත්මක ගවේෂණය ශ්‍රී ලංකාව සහ චීනය අතර සාමාන්‍ය සහයෝගීතා හුවමාරුවක් බවත් එයට බාධා කිරීමෙන් අදාල පාර්ශ්ව වැළකී සිටිය යුතු බවත් වැන්ග් වෙන්බින් මහතා පැවසුවේය.
ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වන බව පවසමින් ශ්‍රී ලංකාවට අනවශ්‍ය පීඩනයක් එල්ල නොකළ යුතු බව වැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යුවාන් වැන්ග් 5ට විරෝධය දැක්වීම පදනම් විරහිතයි
fairoos Tuesday, 09 August 2022 12:08 PM
ඒකනේ. උදව් කරපු අත සපාකෑමක්.