IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ආයුධ පෙන්වන්න ගිය අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගල්වළකින් වැටී මරුට

(කේ බුද්ධික කුමාරසිරි)

ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන අංගොඩ ලොක්කා නැමැත්තාගේ සමීපතමයකු බව කියන කඩවත ඉහල බියන්විල ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු සඟවා ඇති ආයුද තොගයක් පෙන්වීමට ගිය අවස්ථාවේ ගල්වලකින් පහළට වැටී තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි නවගමුව පොලිසිය කියයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත් අඩංගුවට ගෙන සිදු කල ප්‍රශ්න කිරීමේදී ආයුධ තොගයක් කඩුවෙල වැයික්කිවත්තේ සඟවා තිබෙන බවට සැකකරු ලබාදුන් තොරතුරක්  මත පොලිසිය විසින් සැකකරු එම ප්‍රදේශයට රැගෙන ගොස් තිබේ.

එම  අවස්ථාවේදී සැකකරු විශේෂ කාර්ය බළකා නිළධාරීන්ගෙන් මිදී පළා යාමට තැත් කිරීමේදී සැකකරු එම ගල්වලින් පහතට ඇඳ වැටී බරපතළ තුවාල ලබා අතුරුගිරිය ඔරුවල  ප්‍රාදේශි රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.

මිය ගිය සැකකරු පළා යාමට තැත් කිරීමේදී සිදු වූ පොර බැඳීමේදී තුවාල ලැබූ පොලිස් විශේෂ කාර්ය බලකා නිළදාරියකු ද තුවාල ලබා අතුරුගිරිය ප්‍රාදේශි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ පොලිස් රෝහලට මාරු කර යවා ඇතැයි ද පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුට බරපතල චෝදනා 13 ක්  ඇතැයි පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ කඩවත ඉහල බියන්විල පදිංචිකරුවකු වන තුවාන් සිරාන් හාර්හාර් නමැතිවිරිදි පුද්ගලයෙකි.



අදහස් (10)

ආයුධ පෙන්වන්න ගිය අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් ගල්වළකින් වැටී මරුට

ravin Tuesday, 09 August 2022 11:05 AM

ඒ ප්‍රශ්නෙත් ඉවරයි.

:       4       27

ලුම්බිණි Tuesday, 09 August 2022 11:05 AM

පරණ කතාවම අපි අහනවා. ආයුධ පෙන්නන්න ගිය කිසිවෙක් යහතින් ආවේ නැත.

:       4       32

Isuru Tuesday, 09 August 2022 11:22 AM

උණ්ඩ නාස්ති නොකර ආණ්ඩුවේ සල්ලි ඉතුරු කරන්න නේද මෙහෙම කරන්නේ?

:       3       32

sena Tuesday, 09 August 2022 11:24 AM

පරණ තිර රචනය තරමක් වෙනස් කරලා - නමුත් රචකයාට අමතක වෙලා තිහෙනවා මාන්චු දාපු මනුස්සයෙකුට තව කෙනෙක් එක්ක පොර බදන්න බැහැ කියලා.

:       13       26

sharmwarn Tuesday, 09 August 2022 11:52 AM

හා... හා.. අලුත් තිර පිටපතක්. ඒකත් දුර්වලයි.

:       0       4

wije Tuesday, 09 August 2022 11:54 AM

ඉස්සර නම් ආයුද පෙන්වන්න යන කෙනා පොලීසියට වෙඩි තියන්න හරි බෝම්බ ගහන්න හරි හදනවා එතකොට පොලිසියෙන් වෙඩි තියනවා. දැන් ගල් වලවල් වලින් පහළට වැටෙනවා. ආයුධ පෙන්නන්න යනකොට මාංචු දාන්නෙ නැද්ද.

:       0       4

wahaldeepe Tuesday, 09 August 2022 09:08 PM

ආයුධ පෙන්වීම වහල්ද්වීපයේ අලුත් නීතිය​යි

:       1       2

Sumith Wednesday, 10 August 2022 12:46 AM

සිදුවිය යුත්තේ එයම තමයි

:       0       6

වර්ණකුලසූරිය Wednesday, 10 August 2022 12:23 PM

පොලිස් අත්අඩංගුවේ සිටින අයගේ ආරක්ෂාවට වගකිව යුත්තෙක් නැතිද? ශ්‍රී ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව සිනමාපට නිෂ්පාදනයේ යෙදෙන බවක් පෙනෙන්නට ඇත. මදුෂ් නාටකය අපට නරඹන්න හැකි වුනා. එක් පාර්ශවයක මිනිමරු කුඩු මුදලාලිලාට ජනාධිපති සමාව ලැබි නැවත රජයේ උසස් තනතුරුත් ලැබෙනවා. තව පැත්තකින් මහදවල් බැංකු කැඩුවා කියන අය ජනාධිපති කරනවා. පහළ පංතියේ තවත් වැරදිකරුවන් පොලිසිය සමඟ ආයුධ පෙන්වන්න ගෙන යනවා. අවු..2500 කටත් වැඩි බෞද්ධ සංස්කෘතියක් ගැන පුරසාරම් දොඩන ඉන්දීය න් සාගරයේ මුතු ඇටයේ ප්‍රජාතන්ත්‍රවාදය මොන තරම් අලංකාරද?

:       1       0

ganegoda Friday, 12 August 2022 09:35 AM

දැන් මෙවැනි අපරාධකාරයින් දුවන්න ගිහින් ගල් වලකට වැටිලා මැරෙනවා. රජ කාලයේ රාජ නීතිය උනේ ගලෙන් පහලට තල්ලු කර මරා දැමීමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 528 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site