වැරදි කළ ඒජන්සිකරුවෝ කෝටි 4ක් ගෙවති
විවිධ අක්රමිකතා සම්බන්ධයෙන් විදේශ රැකියා ඒජන්සිවලට එරෙහිව 2022 වසරේ ලැබුණු පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව ඒජන්සිවලින් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් (38,087,000) පැමිණිලි පාර්ශව වෙත අයකර දීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය කටයුතු කර ඇතැයි එම කාර්යංශය පවසයි.