(යොහාන් භාසුර)

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් නිසා හෙට (21) ප්‍රදේශ රැසක පැය නවයක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට හෙට (21) පෙරවරු 11.00 සිට රාත්‍රී 8.00 දක්වා ජල සැපයුම අත්හිටුවනු බව ද ජල සම්පාදන මණ්ඩලය වැඩි දුරටත් නිවේදනය කරයි.