IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඉන්දීය විදේශ ඇමති ජනාධිපති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර පැවති සාකච්ඡාවේ දී එකඟතාව පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය ‍විදේශ අමාත්‍යවරයා අතර හමුව අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු අතර මෙහිදී ජනාධිපතිවරයා විසින් ඉන්දීය විදේශ අමාත්‍යවරයාව ඉතා සුහදශිලීව පිළිගනු ලැබීය. 

මෙම නිල සාකච්ඡාවලට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා  කොළඹ, පැජට් පාරේ පිහිටි ජනාධිපති නිල නිවසේ දී විශේෂ සාකච්ඡාවකට ද එක් වූහ.

දෙරට අතර දේශපාලන, ආර්ථික සහ සමාජයීය කරුණු රැසක් පිළිබඳ මෙන්ම ආයෝජන කටයුතු සම්බන්ධයෙන් ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු පිළිබඳ  විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ පිළිබඳ ඉන්දීය රජය පාර්ශ්වයෙන් සුබවාදී ප්‍රතිචාරයක් පළ විය.

ඉන්දීය හිටපු අග්‍රාමාත්‍ය පී.වී නරසිම්හ රාඕ මහතාගේ පාලනය ආරම්භ වූ 1991 වර්ෂයේදී   ඉන්දියාවට ද අද ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අන්දමේ ආර්ථික අර්බුදයකට මුහුණදීමට සිදුවූ බව සිහිපත් කළ ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන්දීය රජය එම අර්බුදය සමනය කර ගනු ලැබුවේ රජය සතු රන් සංචිත උකස් තැබීමේන් බව ද සිහිපත් කළේය.

එබැවින් අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් ඉන්දියාවට ඇති බව පැවසූ ජයශංකර් මහතා ශ්‍රී ලංකාව මුහුණ දී ඇති වත්මන්  ආර්ථික ගැටලු විසඳා ගැනීමට ඉන්දීය රජයෙන් ලබාදිය හැකි සෑම සහායක්ම ලබා දෙන බව පැවසීය.

අනතුරුව ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවති හමුවේ දී  ගිවිසුමකට අත්සන් තැබුණු අතර ඉන්දීය රජයේ සහාය ඇතිව ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් මාර්ගගත තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද සිදු විය. 

ඉන්දීය රජයේ සහාය මත මෙරට  ක්‍රියාත්මක ඉහළ බලපෑමක් ඇති ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවල  (HICDP- High Impact Community Development Project) සීමාවන් ඉහළ නැංවීමට අදාළ ද්වීපාර්ශ්වීය ගිවිසුමට  මෙහිදී අත්සන් තැබිණි. 

ශ්‍රී ලංකා පාර්ශ්වය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර ඉන්දීය පාර්ශ්වය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊට අත්සන් තැබීය.

ඉන්දීය රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති රැසකට මඟ පෙන්වනු ලබන මෙම ගිවිසුමට 2005 වසරේ මැයි මාසයේදී අත්සන් තැබිණි.  එහි තනි පුද්ගල ව්‍යාපෘති සීමාව ශ්‍රී ලංකා රුපියල් මිලියන 300 ක් වූ අතර  එය ශ්‍රී ලංකා රුපියල් මිලියන 600ක් දක්වා දෙගුණ කිරීම අද අත්සන් තැබූ ගිවිසුම මගින් සිදු කෙරේ.



අදහස් (2)

ඉන්දීය විදේශ ඇමති ජනාධිපති හමුවෙයි

chandima Friday, 20 January 2023 05:45 PM

රට විකුණයිද?

:       1       2

Kumara Saturday, 21 January 2023 01:11 AM

මිනිස්සු පුදුම දුකක් විඳින්නේ. මේගොල්ලෝ සාකච්චා විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 255 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 988 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site