(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේදී සිය වගකීම පැහැර හැර ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) චෝදනා කළේය.
පාරිභෝගිකයන් බලගැන්වීම, වෙළෙදාම විධිමත් කිරීම සහ පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීම ප්‍රධාන වගකීම වුවද මෙම දැක්මට අනුව එම අධිකාරිය කටයුතු නොකරන බව කෝප් කමිටුව පවසයි.
මේ අනුව පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා වන ආකාරයට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට කටයුතු කළ හැක්කේ කෙසේ දැයි සති දෙකක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍යාංශයේ ලේකම්වරයාට නිර්දේශ කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කාර්යසාධනය විමසීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අද (19) රැස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමානයේ ඔය අධිකාරිය නමින් තිබුනට ඉස්සර ඕක තිබුනෙ කිරුම් මිණුම් හා මිල පාලන දෙපාර්තමේන්තුව කියලා තමයි ඒ කාලයේ දිස්ත්‍රික් මට්ටමෙන් කාර්‍යාල තිබුනෙ දිසාපති කාර්‍යාලයේ ශාඛා කාර්‍යාලයක් ලෙසට දිසාපති කාර්‍යාල පරිශ්‍රය තුලම තමයි .එම කාර්‍යාලයට පරිපාලන සේවයේ නිළධාරියෙක් සහකාර පාලක ලෙසට සිටියත් ප්‍රශ්නයකදී අවසන් තීරණය දිසාපතිතුමන්ලා තමයි කලේ. ඒක ඉතාමත් සාර්ථක ක්‍රමයක් වුනා දැන් අධිකාරියක් නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නෙ ඒ කාලයේ පාරිභෝගිකයනුත් රැකුනා වෙළෙන්දත් ආරක්ෂා වුනා දිසාපති ක්‍රමය නැතිකර පළාත් සභා ඇතිවීමෙන් රටට ඇවඩක්ම තමයි සිදුවුණේ.
චෝදනා කරනව, වාර්තා ඉදිරිපත් කරනව, තරයේ අවවාද කරනව.... ඒ තමයි කෝප් එකේ ස්කෝප්එක.