(නිමන්ති රණසිංහ)
“නිතිපතිවරයා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරියට බලපෑම් එල්ලකළැයි” කියමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා මංමාවත් පනත සහ පොලිස් ආඥා පනත උල්ලංඝණය කළැයි කියන කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නිතීඥවරුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා කෙසෙල්වත්ත පොලීසියට අද (20) නියෝග කළේය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේ නිතීඥවරුන් 50කට අධික සංඛ්‍යාවක් සහ අරගලයේ යැයි කියාගන්නා පිරිසක් එක්ව ඉකුත් 18 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී විරෝධතාවක් පවත්වා මංමාවත් පනත, මැතිවරණ පනත සහ පොලිස් ආඥා පනත යන පනත් උල්ලංඝණය කරමින් කටයුතු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය පවත්වන බවට කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මේ හේතුවෙන් මෙම විරෝධතාකරුවන් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව කෙසෙල්වත්ත පොලීසිය අධිකරණයට කරුණු දැනුවත් කර අතර ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා ප්‍රගතිය දැක්වෙන වාර්ථාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කෙසෙල්වත්ත පොලීසියට නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
255
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
182
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
988
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහේස්ත්‍රාත් අධිකරණ නිතීඥවරු පිරිසක් ගැන විමර්ශන