‘‘කාන්තා දිනේ වැඩිම අයිතිය තියෙන්නේ එජාපෙට’’ කාන්තාවන් වෙනුවෙන් වැඩිම සේවයක් කළ පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එජාප මහ ලේකම් තලතා අතුකෝරල මහත්මිය පැවසුවාය. 08 March 2026
කුරුළු කූඩුවෙන් ගිනි අවියක් මතුවේ කඩුවෙල වැලිවිට ප්‍රදේශයේ නිවසක කුරුළු කූඩුවක් තුල සූක්ෂම ලෙස සඟවා තිබූ විදේශීය රටක නිශ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමගින් එම නිවසේ හිමිකරු බව කියන පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව කඩුවෙල පොලිසිය පවසයි. 08 March 2026
තෙහෙරානයේ ගින්නක් ඊශ්‍රායලය දිගින් දිගටම එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන්, විනාශ වූ ඉන්ධන ගබඩාවලින් කාන්දු වන තෙල්, ඉරානයේ තෙරෙහාන් නගරයේ අපජල පද්ධතියට මුසු වී ඇති බවත්, එම තෙල් ගිනි ගැනීමකට ලක් වී ඇති බවත් අල් ජසීරා වාර්තා කරයි. 08 March 2026
අයතුල්ලා ගැන ඉන්දියාව ශෝක වෙයි ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අභාවය සම්බන්ධයෙන් ඉන්දීය රජය නිල වශයෙන් ශෝකය පළ කර ඇතැයි එරට මාධ්‍ය පවසයි. 08 March 2026
සෙන් ක්ලේයාර් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක් සෙන් ක්ලෙයාර් දිය ඇල්ල රක්ෂිතයේ අද (08) දහවල් හට ගත් ගින්නක් රක්ෂිතය පුරා පැතිර යමින් පවත්න බව දිඹුල පතන පොලිසිය පැවසීය. 08 March 2026
‘‘බෝම්බවලට මැදිව තුවාල ලැබූ ලාංකිකයන්ට දැන් සුවයි‘‘ ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත. 08 March 2026
ඇතැම් සංස්කෘතීන් වල කාන්තා පීඩිත දේ ඉවත් කරන්න නව නීති සමහර සංස්කෘතීන් වල ඇති කාන්තාවන් පීඩාවට ලක් කරන දේවල් වලින් ඔවුන් නිදහස් කර ගැනීම සඳහා නව නීති සම්පාදනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර කාන්තා දින සැමරුම අමතමින් අද (8)පැවසීය. 08 March 2026
ඉරාන නාවිකයෝ 22ක් ප්‍රතිකාර ලබා පිටව යති ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ඉරාන නාවිකයින් අතුරින් 22 දෙනෙකු ඊයේ (07) රෝහලින් නිදහස් කළ බැව් රෝහල් අධ්‍යක්ෂක එස්.ඩි.යු.එම් රංග මහතා පවසයි. 08 March 2026
ගල් අඟුරු වංචාව ගැන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් මාලිමා ආණ්ඩුවේ ගල් අඟුරු වංචාව පිළිබඳව ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පවත්වන බව මහජන හඬ මෙහෙයුම් කමිටුව පවසයි . 08 March 2026
ඉකි ගසන ගැහැණියට සිනා මුසු අනාගතයක් හදනවා මහා බරක් හිස මත තබාගෙන ඉකි ගසන ගැහැණුන් වෙත සිනා මුසු අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වැඩකරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කාන්තා දින සමරුව අමතමින් පැවසීය. 08 March 2026
මත් සැකකරුවෝ 981 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 981 ක් ඊයෙ (07) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 08 March 2026
මැදපෙරදිග යුද්ධය: මැතිසබා විවාදය 20 මැද පෙරදිග යුදමය වාතාවරණය සහ ඒ හේතුවෙන් ලෝකයේ මතුව ඇති තත්වය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 20 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. 08 March 2026
ශ්‍රී ලාංකික හැම ගැහැණියක්ම එකට බැඳී වැඩ කරමු ශ්‍රී ලාංකික සෑම ගැහැණියක්ම එකට බැඳී වැඩ කරමු යැයි කාන්තා හා ළමා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් මහත්මිය ජාතික ජන බලවේගයේ කාන්තා දින සැමරුම අමතමින් පැවසුවාය. 08 March 2026
අකුරණ ලී භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක ගින්නක් මහනුවර මාතලේ මාර්ගයේ අකුරණ හතේ කණුව ප්‍රදේශයේ පිහිටි දැව භාණ්ඩ ප්‍රදර්ශණාගාරයක අද (08) හට ගත් ගින්නක් හේතුවෙන් එම ප්‍රදර්ශණාගාරයට දැඩි හානි සිදුව තිබේ. 08 March 2026
ගොඩබිම් හමුදා එනකල් බලන් ඉන්නවා ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ඇමෙරිකන් මාධ්‍ය බොහොමයක් සමඟ සජීවීව සම්මුඛ සාකච්ඡාවලට එක් වී ඇමෙරිකාව එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් සහ ඉරානයේ ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් දැක්වීය. 08 March 2026
ඉරාන ජනපති කනගාටුව පළ කරයි ඉරානය, අසල්වැසි මැදපෙරදිග රටවලට පහර දෙන්නේ එම රටවල ඇති ඇමරිකන් ඉලක්කවලටය. ඉරාන මිසයිල සහ පුපුරන ද්‍රව්‍ය ඇටවූ නියමුවන් රහිත ඩ්‍රෝන යානා හේතුවෙන් එම රටවල සිවිල් වැසියන්ගේ ජීවිතවලට ද හානි සිදුවී ඇත. ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියැන් ද මේ ගැන අසල්වැසි රටවලට කනගාටුව පළ කර තිබේ. 08 March 2026
බ්‍රිතාන්‍යයේ උදවු එපා - ට්‍රම්ප් ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ මැදපෙරදිග කලාපයට ගුවන් යානා ප්‍රවාහන යුද නෞකා යෙදවීමට එක්සත් රාජධානියේ සහාය තමන්ට අවශ්‍ය නොවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර තිබේ. 08 March 2026
එමීර් ජනපතිගෙන් ඉරානයට අනතුරු මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය තවදුරටත් උග්‍ර වෙමින්, ඇමරිකානු හමුදා කඳවුරු පවත්වාගෙන යන ගල්ෆ් කලාපීය රටවලට ඉරානය විසින් ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කරන පසුබිමක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සයිඩ් අල් නහියන් පළමු වරට සිය නිල ප්‍රතිචාරය දක්වා තිබේ. 08 March 2026
පමුණුවේ කඩ පෙළක ගින්නක් මහරගම පමුණුව ප්‍රධාන මාර්ගයේ වෙළඳසැල් කිහිපයක මේ වන විට පැතිරයමින් පවතින ගින්නකින් වෙළඳසැල් හතරක් පමණ මුළුමනින්ම විනාශව තිබේ. 08 March 2026
ඔලිම්පික් ක්‍රීඩකයෝ රට නගන්න සල්ලි දෙති දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රුපියල් 582,786 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය. 08 March 2026
කාන්තා ආරක්ෂාවට තද නීති කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව ශක්තිමත් කිරීමත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාත්‍යන්තර කාන්තා දින සුබ පැතුම් පනිවිඩයෙන් පවසයි. 08 March 2026
කාන්තාවට යුක්තිය ඉටුවී නෑ කාන්තා පරපුරට යුක්තිය, සාධාරණත්වය හා අයිතිවාසිකම් ඉටුවෙන්නේද යන්න ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර කාන්තා දින සුබ පැතුම් පනිවිඩයෙන් පවසයි. 08 March 2026
‘කාන්තාවට වෙනස් සැලකීම් නවත්වනවා‘ නිවසේදී, ප්‍රවාහනයේදී, වැඩබිමේදී සහ දේශපාලන වේදිකාවේදී කාන්තාවට සිදුවන සියලුම ආකාරයේ හිංසනයන්ට සහ වෙනස්කොට සැලකීම්වලට එරෙහිව ක්‍රියා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර කාන්තා දින සුබ පැතුම් පනිවිඩයෙන් පවසයි. 08 March 2026
නිතීඥවරයා- බිරිය ඝාතනයේ දෙවැනි වෙඩිකකරු ප්‍රවාහනය කළ දෙන්නෙක් අල්ලයි තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ දෙවෙනි වෙඩික්කරු ප්‍රවාහනය කිරීමට යොදාගත් ලේලන්ඩ් වර්ගයේ බස් රථය එහි රියදුරු සහ කොන්දොස්තරවරයා සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 08 March 2026
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහු දින යාත්‍රාවක් අත්අඩංගුවට මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් නාවික මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. 07 March 2026
අලිවැට නිලධාරිනගේ අමුතු සේවයක් බකමූණ සහ කළුන්දෑව ප්‍රදේශයේ අලි වැට රාජකාරියේ යෙදී සිටි වන ජීවී දෙපාර්තමේන්තුවට අනියුක්ත සේවකයන් එකොළොස් දෙනකු හිතවත් කාන්තාවකගේ ගෙවත්තක් පිරිසිදු කිරීම සඳහා යොදා ගත් වනජීවී අඩවි සහකාරවරයකු පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බව වනජීවී දෙපාර්තමේන්තුව කියයි. 07 March 2026
දඹානේ නිෂ්පාදන අලෙවි කරන්න කඩ දහයක් මහියංගන දඹාන ආදිවාසි ගම්මානයේ සංචාරක පහසුකම් නගාසිටුවීමේ අරමුනින් රුපියල් මිලියන 5.6ක මුදලින් ඉදිකරන ලද ආදිවාසි ගම්මානයේ වෙළදසැල් දහයක් ඌවපලාත් ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර , නිවාස ඉදිකිරිම් ජලසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත කැරින. 07 March 2026
අත්‍යවශ්‍ය ආහාර තොග සංචිතයකට පියවර මැදපෙරදිග කලාපයේ මේ වන විට ඇති වී තිබෙන යුදමය තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයුම සහ ආහාර සුරක්ෂිතතාවට සිදු විය හැකි බලපෑම කළමනාකරණය කර ගැනීම වෙනුවෙන් වූ ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි. 07 March 2026
ඇමති කුමාර ජයකොඩිට විශ්වාස භංගයක් බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව ලබන සතියේදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත. 07 March 2026
මාධ්‍යවේ දී සජීව දිවි ගමන නිමා කරයි ගාල්ල ලංකාදිප මාධ්‍යවේදිනි ශිරංගිකා ලොකුකරවිට මහත්මියගේ සැමියාවු ප්රවිණ මාධ්‍යවේදි ගාල්ලේ සජිව විජේවිර මහතා අද දහවල් මිය ගියේය. 07 March 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026