වැලි ඡාවාරමක් නවත්වන්නැයි ජල ටැංකියකට නඟියි වැලිකන්ද මහවැව ප්‍රදේශයේ කළුදියවැව ආසන්නයේ පස් සෝදා ක්‍රියාත්මක කරන වැලි ලබාගැනීමේ ව්‍යාපෘතියෙන් මඩ සියල්ල එම වැවට මිශ්රවීම හේතුවෙන් පවුල් 500කට පමණ මඩවතුර බීමට සිදුව ඇති බවට පවසා විරෝධය පළ කරමින් මනම්පිටිය නැගෙනහිර මහවැව ගම්මානයේ පුද්ගලයෙකු අඩි සියයක් පමණ උසැති ජල ටැංකියකට නැගි මාරාන්තික උපවාසයක් ආරම්භ කර ඇත. 05 September 2024
’’අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ’’ ජාතික ජනබලවේගයේ අපි ඉතාමත් සැලසුම් සහගතවයි මේ ගමන ආවේ. ගිය ජනාධිපතිවරණේ ඡන්ද ප්‍රතිඵල දිහා බැලුවොත් කවුරුවත් විශ්වාස කරන්නේ නැහැ. මේ ජනාධිපතිවරණ ඡන්දෙ දී අපි දිනයි කියලා. අපි සැලසුම් සහගතව පියවරෙන් පියවර ඇවිල්ලා මේ ජනාධිපතිවරණ ඡන්දෙ දී ජයග්‍රහණය කරන බලවේගය බවට අද ජාතික ජනබලවේගය පත්වෙලා තිබෙනවා. ඒක හාස්කමක් නෙමේද. ඒක විශාල පරිවර්තනයක්. අන්න ඒ වගේම අපි ඔබට සහතිකවෙනවා. මේ හැම අතින්ම කඩා වැටිල තිබෙන රටත්, පියවරෙන් පියවර ජාතික ජනබලවේගය මේ රට සමෘද්ධිමත 05 September 2024
දයාසිරිට වාරණයක් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක හා අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් කිරීම වළක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද(05) නිකුත් කළේය. 05 September 2024
තුටු පඬුරක් ගත් බලංගොඩ බස් නැවතුමේ ස්ථානාධිපති රිමාන්ඩ් ගල්ලෙන කන්ද - බලන්ගොඩ මාර්ගයේ බස් ධාවන බලපත්‍රයේ කාල සටහන වෙනස් කර දීම සඳහා රුපියල් 60000 තුටු පඬුරක් ලබා ගත්තේ යැයි කියන බලංගොඩ බස් නැවතුම්පොළේ ස්ථානාධිපතිවරයා ලබන 13 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියෝග කළේය. 05 September 2024
මහා පරිමාණ මුදල් වංචා කළ චීන ජාතිකයෙකු පිටුවහල් කරයි චීනය තුළ එරට මුදල් ඒකකය වන යු ආන් මුදල් මහා පරිමාණයෙන් වංචා කර ජාත්‍යන්තර පොලිසියෙන් නිල් වරෙන්තු ලක්වී සිටි , චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පිටුවහල් කර තිබේ . 05 September 2024
’’දූෂිත දේශපාලන හවුල් සමග එකතු වෙන්නෑ’’ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වෙන බවට සමාජ මාධ්‍ය හරහා ව්‍යාජ පුවත් මවන බවත් ජනතාව සමග හැර ජරාජීරණ අන්ත දූෂිත දේශපාලන හවුල් සමග එක්වීමක් සමගි ජන බලවේගයට නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගාල්ලේදී පැවසීය. 05 September 2024
මොරටුමුල්ල පොලිසියේදී පහර කෑ අයෙකු ජාතික රෝහලට මාරුකරයි මොරටුමුල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් පහර දුන්නේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත්ව සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට මාරු කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. 05 September 2024
ප්‍රචාරය අවසන් කිරීමට අනුරගෙන් රැළි තුනක් ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ මැතිවරණ ප්රචාරක කටයුතු අවසන් කරමින් ගම්පහ, කළුතර සහ නුගේගොඩ යන නගර තුනේ ප්‍රධාන රැළි තුනක් පැවැත්වීමට සැළසුම් කර ඇති බව එම පක්ෂය පැවසීය. 05 September 2024
නොර්වුඩ් වතු යායක සිසුන් හතරක් අතුරුදන් නොර්වුඩ් වෙන්චර් ශා/ජෝන් ඩිලරි වතුයායේ පදිංචි පාසල් සිසුන් හතර දෙනකු අතුරුදන් වීමක් සම්බන්දයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි නෝර්වුඩ් පොලීසිය කියයි. 05 September 2024
’’පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ’’ එළිදකියි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් පිහිටුවන ලැබූ පොදු ජන එක්සත් නිදහස් පෙරමුණ එළිදැක්වීම මීට සුළු මොහොතකට පෙර සිදුකෙරිණි. 05 September 2024
පැටවුන් 10,000 කට පියෙකු වූ කිඹුල් තඩියා ලොව වයස්ගතම කිඹුලා වන වසර 123 ක් වයසැති හෙන්රි මේ වනවිට කිඹුල් පැටවූ 10,000 කට පියෙකුවී ඇති බවත් කිඹුලියන් සය දෙනකුට සැමියෙකුවී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එසේම හෙන්රි ලොව වයස්ගතම උරගයා වන බවද පැවැසෙයි. 05 September 2024
දක්ෂිණ අධිවේගය පින්නදූවෙන් අවහිරවෙයි දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසලදි අද (05) උදැසන ලොරියක් පාරමැද පෙරලි යාමනිසා කොළඹ දෙස සිට මාතර දෙසට ගමනා ගමනයට බාධා පැමිණ ඇතැයි පින්නදුව පොලිස් මුර පොල පවසයි. 05 September 2024
ඇමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් 4 ක් මරුට ඇමෙරිකාවේ ජෝර්ජියා ජනපදයේ, බරෝ ප්‍රාන්තයේ, වින්ඩර් නගරයේ පාසලක සිදුවුණු වෙඩි තැබීමකින්, 4 දෙනෙක් ජීවිතක්ෂය පත්වූහ. තවත් 9 දෙනකු වෙඩි වැදී තුවාල ලබා කඩිනමින් රෝහල් ගත කෙරුණි. 05 September 2024
‘පරණ බෙරේ ගහන අයගෙන් දැන් වැඩක් නෑ‘ මාලිමාවෙි සහ සජබ ප්‍රතිපත්ති ප්‍රකාශ වලින් ආහාර සුරක්ෂිතභාවය ගැන කතා කළත් එයින් ජනතාවගේ ආදායම වැඩි වන ආකාරය ගැන කතා කර නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහියංගනයේ දී පැවසීය. 05 September 2024
බෝර දමන්නා ගලක් වැදී මරුට මීපේ දෙකඳුවල පාර ප්‍රදේශයේ ගල්කොරියක අඩි හතලිස් පහක පමණ උසක සිට බිමට පතිත වූ ගලක කොටසක් බිම වැඩ කරමින් සිටි දෙදෙනෙකුගේ සිරුරේ ගැටී සිදු වූ අනතුරින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි. 05 September 2024
රිෂාඩ්ගේ-දිගම්බරම්ගේ ගෝල පිරිසක් රනිල්ට රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා මහතා ඇතුළු පළාත් පාලන ආයතන රැසක මහජන නියෝජිතයෝ සහ ක්‍රියාකාරීහු පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ජනපතිට සහාය පළ කළහ. 05 September 2024
වෙඩි පහරින් ඇත් පැටවා මරුට මොරගහකන්ද ජලාශයට ආසන්නව ගිරිතලේ - ඇළහැර අභයභූමියේ සැරිසරමින් සිටි ඇත් පැටවකු දඩයක්කරුවෙකුගේ වෙඩි පහර කිහිපයකින් මියගොස් ඇතැයි ඇළහැර වනජීවී කාර්යාලය සඳහන් කරයි. 05 September 2024
හතලිස් තුනේ කත බෝඩිං කාමරයේදී මරදාලා සිදුව අමන්දොළුව ප්‍රදේශයේ බෝඩිං කාමරයක සිටි කාන්තාවක තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි සීදූව පොලිසිය පවසයි. 05 September 2024
අදත් පළාත් කීපයකට තදින් වැස්ස බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 05 September 2024
ග්රහකයක් පිලිපීනය අසල දූපතකට කඩා වැටේ මීටරයක් පළලැති ග්රහකයක් මීට පැය කීපයකට පෙර පෘථිවියට කඩා වැටුණු බව ඇමෙරිකාවේ නාසා ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 05 September 2024
ලොව වැඩිම මෝටර් රථ එකතුවේ හිමිකරු බෲනායි සුල්තාන් හසනාල් බොල්කියා ලොව විශාලතම මෝටර් රථ එකතුවේ හිමිකරු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 04 September 2024
ත්‍රිපුද්ගල අධිකරණය මුදාහල සැකකරුවන් පංච පුද්ගල අධිකරණයෙන් කැඳවයි ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී 2019 වසරේ උතුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහිව නඟා තිබු කුඩු ග්‍රෑම් 196 ක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ ඒ සඳහා විවෘත වරෙන්තු අද (04) නිකුත් කළේය. 04 September 2024
කොළඹ වරයෙන් හමු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීමට අවසර වරාය අධිවේගී මාර්ගය ඉදිකිරීම් කටයුතු කිරීමේ දී කොළඹ වරාය පොලිසිය ඉදිරිපිට වට රවුමේ මතු වූ මිනිස් ඇටකටු ගොඩ ගැනීම හෙට (05)වැනි දා ආරම්භ කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04)වැනි දා නියෝග කළේය. 04 September 2024
මන්ත්‍රීවරු අටක් නිමල්ට,දුමින්දට සහ දයාසිරිට එරෙහිව උසාවි යති ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ ආසන සංවිධායකවරු අට දෙනකු පක්ෂයේ සභාපති හා ලේකම්වරු දෙදෙනාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ අද නඩු පැවරීය. 04 September 2024
හෙරොයින් අතුරුදහන් කිරීමට සැකපිට භාණ්ඩ භාරකාරවරයා රිමාන්ඩ් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ නඩු භාණ්ඩ කාමරයේ ගබඩා කර තිබූ හෙරොයින් කිලෝ 12ක් අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන භාණ්ඩ භාරකාරවරයා ලබන 12 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04)වැනි දා නියෝග කළේය. 04 September 2024
ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් වලට යන්නේ නැහැ සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය මොනම හේතුවක් නිසාවත් රට විනාශ කරණ කල්ලි එක්ක සහ ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් සමග එකතුවෙන්නේ නැති බැව් සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (04)වැනි දා පස්වරුවේ ගාල්ලේ දි පැවසිය. 04 September 2024
සැරයන්ගේ රියේ ගැටුණු මව-දියණිය මරුට එප්පාවල - කැකිරාව බී.213 මාර්ගයේ කටියාව හන්දිය ආසන්නයේ වංගුවක් අසලදී පොලිස් සැරයන්වරයෙකු පැදවූ වෑන් රථයක යතුරු පැදියක් ගැටී අද (4) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් එම යතුරු පැදියේ ගමන් කල මවක් සහ දියණියක් ජීවිතක්ෂයට පත්ව, කුඩා බිළිඳකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කල බව එප්පාවල පොලිසිය පවසයි. 04 September 2024
ආර්.එම්.බී ප්‍රධාන පරීක්ෂකවරයා සීමාව පැනලා රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ පරීක්ෂණයට පෙර යතුරුපැදියක් පැද පුහුණුවීමේ චෝදනාව යටතේ පුද්ගලයෙකුගේ යතුරුපැදිය අත්අඩංගුවට ගැනීමෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරීක්ෂකවරයා එම පුද්ගලයාගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය. 04 September 2024
මුදල් තත්වේ කියන්න මහ බැංකු ලොක්කා මැතිසබයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රටේ ආර්ථික තත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අද (4)දැනුවත් කළේය 04 September 2024
අනුරගේ අත්සන යෙදූ ව්‍යාජ ලිපියක් ගැන අධිකරණයට කරුණු කියයි ජාතික ජනබලවේග පක්ෂය ’’’’කිසිදු ආගමකට ප්‍රමුඛත්වය දෙන්නේ නෑ’’ යනුවෙන් සඳහන් කරමින් ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ව්‍යාජ ලිපියක් අන්තර්ජාලයේ පළ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව රහස් පොලිසිය බී වාර්තාවක් ගොනුකරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණි ගමගේ මහතාට කරුණු දක්වමින් අද (04) පැවසීය. 04 September 2024
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026