
(අංජුල මහික වීරරත්න )
රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සෙයිනුල් ආබ්දීන් එහියා මහතා ඇතුළු පළාත් පාලන ආයතන රැසක මහජන නියෝජිතයෝ සහ ක්‍රියාකාරීහු පිරිසක් කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ ජනපතිට සහාය පළ කළහ.
මේ අතර පලනි දිගම්බරන් මහතාගේ නායකත්වයෙන් යුත් කම්කරු ජාතික සංගමයේ හැටන්, නෝර්වුඩ්, ආගරපතන, මස්කෙළිය, නුවරඑළිය යන ප්‍රාදේශීය සභාවල හිටපු මන්ත්‍රීවරු 11 දෙනෙක් ද රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට එක් වූහ.
මේ අතර නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක නටරාජා රවිකුමාර්, මහලේකම් යෝගරාජා පිල්ලේ ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් ද ජනාධිපතිවරයාගේ දේශපාලන කාර්යාලය වෙත පැමිණ සහාය පළ කිරීමට එක් වූහ.
2025 දෙසැම්බර් මස 18
646
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
309
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රිෂාඩ්ගේ-දිගම්බරම්ගේ ගෝල පිරිසක් රනිල්ට
රංබොඩ Thursday, 05 September 2024 09:28 AM
මොනවද දන්නේ නෑ ලියලා දෙනවා කිව්වේ . මොවුන් හැමදාම පැති පැණ පැණ ඉන්නේ රටේ කෑලි කඩාගෙන ඒ තැන්වල රජ කරන්න.
sukitha Thursday, 05 September 2024 11:11 AM
ජාතිකත්වය පදනම් මෙම පක්ෂ ගැන බහුතර ජනතාවගේ පැහැදීමක් නැහැ. නායකයන් සජිත් වෙතත් සෙසු පිරිස රනිල් වෙතත් යෑම සැලසුම් සහගතව කරන්නක් විය හැකිය. මෙම පක්ෂ එකතු කරගැනීමෙන් සිදුවන අප්‍රසාදය වලක්වා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා හිතා මතා සිදුකරන්නක් විය හැකිය. චන්දයෙන් පසු නායකත්වය සහ සෙසු පිරිස යලි එක් වුවහොත් එය එසේ බව තහවුරු වනු ඇත.
සෙනෙවිරත්න Thursday, 05 September 2024 01:16 PM
සජබෙ සන්ධානයෙ කෑලි ගැලවෙනව.ජය මාලිමාවට
ගමේ එකාලා Thursday, 05 September 2024 03:17 PM
හොර දූෂිතයෝ ටික එකතු වෙනවා.