
(රෝෂන් තුෂාර)
ගල්ලෙන කන්ද - බලන්ගොඩ මාර්ගයේ බස් ධාවන බලපත්‍රයේ කාල සටහන වෙනස් කර දීම සඳහා රුපියල් 60000 තුටු පඬුරක් ලබා ගත්තේ යැයි කියන බලංගොඩ බස් නැවතුම්පොළේ ස්ථානාධිපතිවරයා ලබන 13 දින දක්වා බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (05)නියෝග කළේය.
බස් රථය හිමිකරු කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd