IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මන්ත්‍රීවරු අටක් නිමල්ට,දුමින්දට සහ දයාසිරිට එරෙහිව උසාවි යති

(රෝෂන් තුෂාර)

ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හෝ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට නොහැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට  ප්‍රකාශ කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ ආසන සංවිධායකවරු අට දෙනකු පක්ෂයේ සභාපති හා ලේකම්වරු දෙදෙනාට එරෙහිව කොළඹ දිසා අධිකරණය හමුවේ අද නඩු පැවරීය.

හපුතලයේ ආසන සංවිධායක උදිත ලොකුබණ්ඩාර මහතා ඇතුළු සංවිධායකයන් අට දෙනකු  පක්ෂ සභාපති නිමල් සිරිපාල ද සිල්වා ,ලේකම් දුමින්ද දිසානායක හා ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මහත්වරුන් විත්තිකරුවන් කරමින් මෙම නඩුව පවරා තිබිණි.

පැමිණිලිකරුවන් වෙනුවෙන් නීතිඥ ආර්.එම් චාමලි එස්.රණතුංග මහත්මියගේ උපදෙස් පරිදි නීතිඥ අෂාන් නානායක්කාර මහතා සමග පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ව්‍යවස්ථාව අනුව පැමිණිලිකරුවන්ට නිදහසේ කටයුතු කරගෙන යෑමට නීත්‍යානුකූල අයිතියක් ඇති බවය.

විත්තිකරුවන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා හා එම පක්ෂයේ ලේකම්වරයා ලෙස පෙනී සිටී කටයුතු කිරීමට නීතිමය බලයක් නොමැති බවත්, එම තනතුරු දරන බවට පෙනී සිටිමින් ජනාධිපති අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට නොහැකි බවත් තෙවැනි විත්තිකාර දයසිරි ජයසේකර මහතා ජනාධිපති අපේක්ෂක සජිත් පේමදාස මහතාට සහය දැක්වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.

විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපතිනි නීතිඥ ඡන්දක ජයසුන්දර මහතා සහ නීතීඥ පුලස්ති රූපසිංහ මහත්වරු අධිකරණය කරුණු දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් නඩු ගණනාවක් කොළඹ දිසා අධිකරණයේ විභාග වන බව පෙන්වා දුන්නේය.

ඒ අනුව මෙම නඩුවට වාරණ නියෝගයක් නිකුත් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවද සඳහන් කළේය.

පැමිණිලිකරුවන් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවත්, පැමිණිලිකරුවන් සිදුකරන විනය විරෝධී කටයුතු මොනවාද යන්න විත්තිකරුවන් නොදන්නා බවත් පැවසීය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා විත්තිකරුවන්ට ඇතුරු තහනම් දැන්වීම් හා නොතීසී නිකුත් කරමින් විත්තිය විරෝධතා සැප්තැම්බර් 25 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

 



අදහස් (1)

මන්ත්‍රීවරු අටක් නිමල්ට,දුමින්දට සහ දයාසිරිට එරෙහිව උසාවි යති

Wijithasiri Thursday, 05 September 2024 09:02 AM

පක්ෂයේ හැටියට බැරි වුනත් පුද්ගලිකව මැතිවරණ කටයුතු කරන්න ඕනම කෙනෙකුට හිමිකම් තියෙනවා. කෙනෙකුගේ ඡන්ද අයිතිය තවත් කෙනෙකුගේ ඉල්ලීමක් මත වලක්වන්න පුළුවන් කමක් තියෙනවා කියලා හිතන්නේ නැහැ .උදිත ලොක්කා දේශපාලනය කරන්නෙ ඔහුගේ අප්පා එජාපයේ හිටපු නිසා කියලා ඌට අඅමතක වෙලා තියෙනවා නැත්නම් ඉතින් මොන විජ්ජාවක් කලත් ඔවුන්ට ජනතාව මුලාකරන්න ලැබෙන්නේ නැහැ .පොඩිකාලයේ කාපු පතේ පහරපු එකෙක් කියන්න පුළුවන්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site