IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බෝර දමන්නා ගලක් වැදී මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මීපේ දෙකඳුවල පාර ප්‍රදේශයේ ගල්කොරියක අඩි හතලිස් පහක පමණ උසක සිට බිමට පතිත වූ ගලක කොටසක් බිම වැඩ කරමින් සිටි දෙදෙනෙකුගේ සිරුරේ ගැටී සිදු වූ අනතුරින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කළ එක් පුද්ගලයකු මියගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පාදුක්ක බටවල වල්පිට අංක 206 / 63 හි පදිංචි කරුණාරත්න ජයසේකර මුදියන්සේලාගේ පත්මසිරි වසන්ත නමැති (53) හැවිරිදි දෙදරු පියෙකු බව පොලිසිය කියයි.

මියගිය පුද්ගලයා ගල් කොරිවල බෝර දමන්නෙකු වන අතර ඔහු තවත් පුද්ගලයෙකු සමඟ මීපේ දෙකදුවල පාර ප්‍රදේශයේ ගල් කොරියක ඉහලින් බෝරයක් දමා කැඩී බිමට වැටුණු ගල් කොටස් එකතු කරමින් සිට තිබේ.

 එම අවස්ථාවේදී අඩි 45  පමණ උසක සිට තවත් ගල් කොටසක් එක්වරම බිමට වැටී එහි කොටස් පහළ වැඩකරමින් සිටි දෙදෙනාගේ සිරුරේ ගැටේ අනතුරක් සිදුව තිබුණි.
 

 



අදහස් (0)

බෝර දමන්නා ගලක් වැදී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 646 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 309 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site