දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂම ලෙස ඝාතනය කොට කෝටි සියයකට අධික දේපළ පවරා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකරුවකු ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හලාවත මහෙස්ත්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා අද(08) නියෝග කළේය.