IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දේශගුණ බලපෑම් අවම කරන්න කලාපීය ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

දේශගුණික විපර්යාස වල තීව්‍ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාපීය ව්‍යාපෘතිය සඳහා වන ගිවිසුමට අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සමඟ එක්ව දේශගුණික විපර්යාස වල තීව්‍ර වන බලපෑම් මඟින් අවදානමට ලක්විය හැකි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රජාවගේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා වන කලාපීය ව්‍යාපෘතියක් සඳහා වන යෝජනාවක් අනුහුරුවීමේ අරමුදල වෙත ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා අනුහුරු වීමේ අරමුදල් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ. 

යෝජිත ව්‍යාපෘතිය වසර 5 ක කාලසීමාවක් තුළ ක්‍රියාත්මක කරනු ලබන අතර ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 13ක පමණ මුල්‍ය ප්‍රදානයක් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වෙත ලබා දෙනු ඇත.

ශ්‍රී ලංකාවේ මොනරාගල, ත්‍රිකුණාමලය, මන්නාරම, මුලතිව්, වවුනියාව කුරුණෑගල යන දිස්ත්‍රික්කයන්හි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය. 

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුම ශ්‍රී ලංකාව සහ ලෝක ආහාර වැඩසටහන අතර අත්සන් තැබීම පිණිස පරිසර, වන ජීවී, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

දේශගුණ බලපෑම් අවම කරන්න කලාපීය ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site