
(මහින්ද නිශ්ශංක)
මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
තැපෑලේ දී සිදු වියහැකි ප්‍රමාදවීම් සහ මැතිවරණ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තැපැල් අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කළ බවද ඒ මහතා සඳහන් කළේය.
ඒ අනුව තැපැල් ඡන්ද අයදුම්පත් අනිද්දා(10) දා මධ්‍යම රාත්‍රී 12 ට පෙර අදාළ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට ලැබිය යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එමෙන්ම කිසිදු හේතුවක් මත මෙම දිනය නැවත දීර්ඝ නොකරන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
Rama Wednesday, 09 October 2024 05:09 AM
ඡන්දය තියන දවස තෝරන වෙලාවේ බෞද්ධයින්ට ප්‍රශ්නයකට මුහුණ දීමට වෙනවා කියලා මැතිවරණ කොමිසම හිතුවේ නැද්ද? නැත්නම් දැනගෙනත් අපිට මොකද කියලා නොවැම්බර් 14 ම ඕනෑ කියන මතයේ පිහිටා වැඩ කරාද කියලා හිතෙනවා. නොවැම්බර් 15 කියන්නේ පෝය දවස. එදාට තමයි වස් පින්කම් ඉවර වෙන්නේ. ගොඩාක් පන්සල්වල 14 මහ රෑ 15ට එළිවෙන්න කඨින පෙරහැර ගිහින් පිංකම 15. ඉතින් 14 ඡන්ද තියලා ඡන්ද ගනින වැඩ නිසා කඨින පිංකම ගැන උනන්දුව අඩු වෙන්න පුළුවන්. ඒ වගේම 14 රෑ ඇඳිරි නීතිය දාලා 15ත් තිබ්බොත් මොකද වෙන්නේ. ව්‍යවස්ථාවේ සඳහන් බුදු දහමට මුල් තැන දීම අමු අමුවේ කාලා. මේ විකාර කියන්න එපා. මේවා රටේ පාලකයන් හිතන්න ඕනෑ.