
(අංජුල මහික වීරරත්න)
චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
එම චීන යුද නැව පැමිණීම ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට බලපෑමක් නොවන්නේ යැයි ද අමාත්‍යවරයා කීය.
මීට පෙර ඇමරිකා, ඉන්දියා, ජර්මන් යුද අභ්‍යාස නෞකා ලංකා මුහුදු සීමාවට පැමිණ තිබෙන්නේ යැයි ද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් විජිත හේරත් මහතා වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳ දෙයක්. හැබැයි චීන්නුන්ට කියන්න එයාලට ඕන දේවලට, ඕන වෙලාවට විතරක් ඇතිවෙන මිත්‍රත්වය සැබෑ මිත්‍රත්වය නොවන බව. අනිත් රටවලින් ඇතිවන අසාධාරණ පීඩන වලදී ඉවත බලා ගන්නව නම් අපට ඔවුන් සැබෑ මිතුරන් නොවේ.
තමාට ලැබෙන වාසි අනුව අද ලෝකයේ සැබෑ මිතුරන් මෙන්ම සැබෑ සතුරන් ද නොමැත. මෙම කරුණු කාරණා අවබෝධ කරගෙන ලංකාවේ ආර්ථික දියුණුව සඳහා අප මීට වඩා ඉතාමත් බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි. යුරෝපයේ මෙන්ම අනෙකුත් රටවලද යතාර්ථය මෙයයි...