
(සුනිල් එස්. පැල්ලන්දෙණිය )
මීට වසර හතරකට පෙර බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කඩා දැමුණු කුරුණෑගල ඓතිහාසික බුවනෙකබා රාජසභා මණ්ඩපය යලිත් එම ස්ථානයේ ප්‍රතිසංස්කරණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කොට තිබේ.
2020 වසරේ ජූලි මාසයේ 14 වැනි දා මාර්ගය පුළුල් කිරීමට යැයි පවසමින්කුරූණෑගල මහනගර සභාව විසින් මෙම ඓතිහාසික ගොඩනැගිල්ල බැකෝ යන්ත්‍රයක්
යොදා ගනිමින් එම ස්ථානයෙන් ඉවත් කිර්‍රිමේ අරමුණින් කඩා බිද දමා තිබිණි.
එම ඓතිහාසික ගොඩනැගිල්ලට හානි කිරීම සම්බන්ධයෙන් එවකට අධිකරණයේ නඩුවක්ද විභාග වූ අතර එහිදී එම සිදුවීමට වරදකරු වන් වූ එවකට කුරුණැගල මහ නගර
සභාවේ හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ඇතුළු චූදකයන් සිව්දෙනකු අධිකරණය මගින් බන්ධනාගාරගත කෙරිණි.
මේ පිළිබඳව සදහන් කරමින් පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය තුසිතමෙන්ඩිස් මහතා පවසන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම ගොඩනැගිල්ල
යළි ප්‍රතිසංස්කරණය කිරීමට තීරණය කොට ඇතත් ඒ සදහා කුරුණෑගල මහ නගර සභාවේ අනුමැතිය ගත යුතු බවයි. ඊට හේතු වී ඇත්තේ අදාල ගොඩනැගිල්ල පිහිටි භූමිය
එම නගර සභාව සතු භූමියක් වීමයි.
කෙසේ වෙතත් මෙම ඓතිහාසික ගොඩනැගිල්ලෙහි මෙතෙක් ඉතිරිව ඇති පරණ කොටස ආරක්ෂා කරමින් අනෙක් කඩා දැමු කොටස පමනක් නැවත ඉදිකරන බවද කොමසාරිස්
ජනරාල්වරයා වැඩිදුරටත් පැවසයි.
13 වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් යැයි සැළකෙන අදාළ ගොඩනැගිල්ල, 1940 අංක 09 දරණ පුරා වස්තු ආඥා පනත යටතේ පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස
සැලකෙන ස්මාරකයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතිය ආගම සංස්කෘතිය බේරගන්න ආව දේශප්‍රේමී විරුවෝ ඒව රැක්කෙ බැකෝ යන්ත්‍ර යොදාගෙන. ඔයින් බේරුනා මදැයි. හැබැයි ඒ උත්තමයන්ට මහමැතිවරණයේදී කෘතගුණ සලකන්න අමතක කරන්න එපා.
මේක හදන්න යන වියදම කඩාදමපු මිනිස්සුන්ගේ දේපල වෙන්දේසි කරලා හරි ලබාගන්න ඕනේ
රාජසභා මණ්ඩපය හදපු රජ්ජුරුවෝ තමයි වරදක් කරලා තියෙන්නේ නැත්නම් මොකටද කුරුණෑගල නගරසභා භූමියේ ඔය ගොඩනැගිල්ල හැදුවෙ කියලා අහන්න ඕන ඒ නිසා එක්කො ඔය භූමිය නගර සභාවට දුන්නු කෙනාට හෝ රජ්ජුරුවන්ට දඬුවමක් දියයුතුයි. පුරාවිද්‍යා වටිනාකම තියෙන දේවල් කඩාදැමීමට අමතරව ඔවුන්ගෙන් අවසර ගන්න වෙනවා කියන්නේ ලෝක විහිළුවක් කියන්න පුළුවන්...!