
(ආරියරත්න රණබාහු )
රට තුළ විශිෂ්ඨ මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම සඳහා මාධ්‍යවේදීන් කරන මෙහෙවර සහ ඔවුන්ගේ ගුණාත්මක දායකත්වය ඇගැයිමසඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අද (08) පැවසීය .
අමාත්‍යවරයා ඒ බව පැවසුවේ එම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පිළිබඳව ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී විද්‍යුත් සහ මුද්‍රිත ජනමාධ්‍ය ප්‍රධානීන් සමග පැවති සාකච්ඡාවේදීය.
ඇමතිවරයා එහිදී කියා සිටියේ මීට වසර හයකට පෙර ප්‍රථම ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පවත්ව ඇති බවත් ඉන්පසු එය අක්‍රිය තත්ත්වයකට පත්වු බවත්ය
ජාතික ජන බලවේගය රජයක් යටතේ ආර්ථික සාමාජීය සංස්කෘතික වෙනස්කම් යටතේ යහපත් මානවවාදී ජනමාධ්‍ය සංස්කෘතියක් ආරම්භ කළ යුතු බවය.එය විසි හතර පැයකින් කළ නොහැකි බව පැවසු අමාත්‍යය වරයා ඊට පදනමක් වශයෙන් නවතා තිබෙන ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල නැවත පැවැත්වීමට තීරණය කළ බව කීය
මෙහිදී අමාත්‍යාංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා අදහස් දක්වමින් කියා සිටියේ සම්මාන උළෙලේ උත්සව වියදම් කටයුතු ඉතා අඩු පිරිවැයකිනුත් සම්මානලාභීන් හැට දෙනකු මුදලින් තෑගි බෙදා දීමටත් කටයුතු කරන බවය .සියලු කටයුතු සඳහා කෝටි දෙකක මුදලක් අමාත්‍යාංශය සතුව ඇතැයි ද කීය.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසර අවසානයට පෙර