IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප

(රෝෂන් තුෂාර)

වැලි කැනීමේ බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 15 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වෙළඳ හා පරිසර රාජ්‍ය අමාත්‍ය වරයාගේ පුද්ගලික ලේකම් හා තවත් පුද්ගලයෙකු ඇප මත මුදා හැරීමට  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (08) නියෝග කළේය.

පුද්ගලික ලේකම් යැයි කියන මඩකලපුවේ යෝගනාදන් රොස්මන් සහ කෞතිකිරන් ප්‍රදීපන් යන සැකකරුවන්ට  මෙසේ ඇප නියම කෙරිණි.

සැකකරුවන්ට රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප හතරක් සහ රුපියල් 50000ක මුදල් ඇප දෙකක් නියම කළ අතර විදෙස් ගමන් තහනම් කිරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මහවැලි අධිකාරියේ බී කලාපයේ වැව් වලින්ව ලබා ගන්නා රොන් මඩ සහිත වැලි කැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය  හරහා බලපත්‍රයක් නිකුත් කිරීමට මෙම අල්ලස් මුදල ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මාසයේදී  සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති බවට අල්ලස්  කොමිසම අධිකරණයට දැනුම් දීමෙන් පසුව මෙසේ ඇප නියම කළේය.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට ඇප නියම කළ අතර විමර්ශන විභාගය ජනවාරි 28 දිනට නියම කෙරිණි.



අදහස් (0)

ලක්ෂ 15ක අල්ලස් ගත්යැයි රාජ්‍ය ඇමතිගේ ලේකම්ට ඇප

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site