IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්

(විමුක්ති එස් රොද්‍රිගු)

මීට දින කීපයකට, පසුගිය ඔක්තෝබර් 5 වැනිදා රාත්‍රී 10.45 ට පමණ, ඉරානය රික්ටර් මාපකයේ 4.6 ක් ප්‍රබල භූමි කම්පාවකින් දෙදරා ගියේය. 

භූමි කම්පාවේ අපිකේන්ද්‍රය සටහන් වූයේ ඉරානයේ, සෙම්නාන් පළාතේ, ඇරඩාන් නගරයට නුදුරින් කිලෝ මීටර් 10 ක් භූගතවය. එම භූමි කම්පාවේ ප්‍රබලත්වය, කිලෝ මීටර් 110 ක් දුරින්, ඉරානයේ ටෙහෙරාන් අගනුවරට ද දැනුණු බව පැවැසෙයි.

ඊශ්‍රායලය සැක පළ කර ඇත්තේ, ඉරානය දෙදෙරා ගිය එම භූමි කම්පාවට හේතුව ඉරාන විප්ලවීය හමුදා, රහසේ භූගතව න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් කළ නිසා බවය. ඉරානය න්‍යෂ්ටික අවි අත්හදා බලන්නේ ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් යැයි ද ඊශ්‍රායලය වැඩි දුරටත් චෝදනා කර ඇත.

ඉරානය සහ ඇමෙරිකාව අතරේ අර්බුදකාරී තත්ත්වයක් පවතින්නේ ද ඉරාන න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමිනි. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහන ආරම්භ කර ඇත්තේ, රටේ බලශක්ති අර්බුදයට පිළියමක් ලෙසය. කෙසේ නමුත් ඊශ්‍රායලය චෝදනා කරන්නේ, ඉරානය ඔවුන්ගේ එම න්‍යෂ්ටික වැඩසටහනට මුවා වී රහසේ න්‍යෂ්ටික අවි නිපදවන බවටය.

මේ අතර පසුගිය දා ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ‘වරුසාව’ ට ප්‍රතිචාර දැක්වීමක් ලෙස, ඉරානයට ප්‍රහාරයක් එල්ල කර, ඉරාන රෙජීමය අඩපණ කිරීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය පවසා ඇත. 



අදහස් (1)

ඉරාන භූමි කම්පාවලට හේතුව න්‍යෂ්ටික අත්හදා බැලීම්

Kumar Tuesday, 08 October 2024 09:51 PM

මෙවැනි විශේෂ ප්‍රවෘත්ති අපට දැනගන්න ලැබෙන්නේ ලංකාවේ පුවත්පත්වලින් පමණයි. ඇමෙරිකාවේ රහස් ඔත්තු සේවයෙන් වත් මෙවැනි ප්‍රවෘත්තියක් ලැබුණෙත් නෑ. එම සේවය ඉරාන මිසයිල ප්‍රහාරය පටන්ගන්න පැයකට පමණ කළින් නිවේදනය කළා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 41 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site