
(නිමල් ජයරත්න)
පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වැලිකන්ද සුසිරිගම අංක 113 ලිපිනයේ පදිංචිව සිටි තිදරු පියෙකු වන 53 වියති ඩබ්ලිව්.ඩී.ජී. අනුර විජේසිංහ යන අය බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය සඳහන් කරයි.
ඔහු රාජකාරිය අවසන් කිරීම සඳහා රිපිටර් වර්ගයේ ගිනි අවියේ සිර වී තිබු පතුරමක් ඉවත් කිරීම සඳහා බට කොටස බිම ගසා තිබේ.
එහිදී ගිනි අවිය ක්‍රියාත්මක වී ආරක්ෂකයාගේ පපු ප්‍රදේශයට වැදී ඇති අතර. ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය
.,
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සිල්වා මහතාගේ උපදෙස් මත වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
මේ සම්බන්ධන් අදාළ රාජ්‍ය බැංකුව පාර්ශවයෙන් ද විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
සෙනෙවිරත්න Wednesday, 09 October 2024 04:52 AM
බැංකුවෙ නම දැම්මම හරි නැද්ද? මේක ලෝකෙ පළමුවරට වෙච්චි දෙයක්ද?
maalaka Wednesday, 09 October 2024 06:01 AM
පුහුණුවේ හිදැසක්ද? නැතිනම් ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩුවක්ද කියා සොයා බලා නිසි පියවර ගන්න. තමුනුත් අනිත් අයත් ආරක්ෂා කරමින් වගකීමක් ඇතුව රාජකාරිය කිරීමට පුහුණු කිරීම කලමනාකරුවන්ගේ වගකීමයි. ඒ උපදෙස් පිළිපැදීම සේවක මහතුන්ගේ වගකීමයි. වැළැක්විය හැකිව තිබූ මරණයක්.. කණගාටුයි.