විපතට පත්වූවෝ වන්දි උත්සවය වර්ජනය කරති
කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට වන්දිගෙවීම සඳහා අද(16) මීගමුවේ කාදිනල් කුරේ මධ්‍යස්ථානයේදී පැවැත්වූ උත්සවයේදී, මාධ්‍ය කැඳවා ප්‍රචාරණාත්මක වාසි සහ දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කළේ යැයි විරෝධය පළකරමින් වන්දිලාභීහු පිරිසක් වන්දිගෙවීමේ උත්සවය වර්ජනය කර පිටව ගියහ.