ප්‍රති ත්‍රස්ත පනත එපා
ප්‍රතිත්‍රස්ත පනත නතර කර එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය නිමා කිරීමට විශාල ශක්තියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පෙර පැවැති තත්ත්වයටත් වඩා ශක්තිමත් කරමින් ක්‍රියාත්මක කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. අම්පාර දිස්ත්‍රික්කයේ උහන, මහකණ්ඩිය ප්‍රදේශයේ ඉදිකළ “දිගාවැව්පුර” උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා එම කරුණු සඳහන් කළේය.