(නිමල කොඩිතුවක්කු)
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත භාරදුන් විශ්වාසභංග යෝජනාව වැරදි දිනයක් සහිතව ඉදිරිපත් කිරීම හේතුවෙන් නැවත ඉදිරිපත් කිරීමට සිදුව ඇතැයි වාර්තා වේ.
ඒකාබද්ධ විපකෂයේ මන්ත‍්‍රීවරුන් ඊයේ (16) දිනයේදී මෙම විශ්වාසභංග යෝජනාව කතානායකවරයා වෙත බාර දුන් අතර එහි දිනය සටහන්ව තිබුණේ 2018 වසරේ මැයි 9 ලෙසයි.
එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කළ දිනය ගිය වසරේ ලෙසට සඳහන්ව තිබීම නිසා එය විවාදයට ගැනීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.
මේ හේතුවෙන් එම විශ්වාසභංග යෝජනාව නැවතත් අලුතින් සකස් කර භාරදීමට සිදුව තිබේ.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමේදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල මහතා සඳහන් කළේ එම ලේඛනයේ සඳහන්ව තිබෙන දිනයට වඩා භාරදුන් දිනය වැදගත් වන බැවින් එවැනි ගැටලුවක් ඇති නොවන බවයි.
එමෙන්ම කතානායකවරයා වෙත භාරදුන් ලේඛනයේ එම දිනය නිවැරදි කර බාරදුන් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම විශ්වාසභංග යෝජනාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 64 ක් අත්සන් කර ඇති අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ප‍්‍රසන්න රණතුංග සහ සනත් නිශාන්ත යන මන්ත‍්‍රීවරුන් විදේශ ගතව සිටීම හේතුවෙන් එයට සහාය දක්වමින් කතානායකවරයා වෙත ලිපි යොමු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න අපිව රවුමේ අරන් යන හැටි. පොඩි ළමයෙකුට වුවත් දන්නා කාරණාවක් තමයි දිනය හරිද කියා බලන එක. කොහොමත් ඔය 225ම මොලේ කචල් අය හින්දා අපිව ගොනාට අන්දන්න හිතන් නැති . කොහොම කොහොම හරි ශේප් එකෙන් කට්ටියම එකහු වෙලා වැඩෙන් ලිස්සලා යාවි.
මේ අය කවුරුවත් කාටවත් නරකක් කරන්නේ නැහැ.මහජනයාට බොරු ෂෝ විතරයි.අන්තිමට මහ ජනයා ජහ මනයා වේ.
අනේ පවු දෙයියනේ .. දිනය වරද්දගෙන.... පොඩි උන් නේ...
64 දෙනාම අත්සන් කලේ කියවන්නේ නැතුවද? එක්කෙනෙක් වත් ඕක දැක්කේ නැත්තේ කොහොමද? කට තිබ්බාට සාක්ෂරතාවය ගැනත් ප්‍රශ්නයක් තියෙනවා වගේ....
මම කිව්වා මේක වෙනවා කියලා. මොවුන් අපිව අන්දනවා ඉවරයක් නැතුව... දිනේ බලන්නැති මී හරක්ද රට කරන්නේ?
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයකුත් තවත් ටිකක් ඕනෑ...
ඕකට මුල් වූ කට්ටිය ගැන හිතන කොට පුදුමවෙන්න දෙයක් නෙවේ. දවස් 52ක කාලයේදී බහුතරය හදාගන්න ලක්ෂ ගණන් දීලා හරි ඔය කියන කෙනාගේ මන්ත්‍රී ගොල්ලන් බාගන්න දඟලපු දැඟලිල්ල අපට මතකයිනේ... ඉස්සරහට ඒ ගොල්ලෝ ආණ්ඩුවක් හැදුවොත් අනිවාර්යයෙන්ම ඔය දැන් විශ්වාසය භංග වුනා කියන අයත් අනිත් කට්ටියත් ඇමති මණ්ඩලයට ගන්නවා නියතයි...
ඉංජිනේරුවෝ ඉන්නවා.. වැඩ කරන්න දන්නේ නැති..
රාහු කාලේදී වැඩේ පටන් ගන්න ඇත්තේ.., රාහුව පන්නලා තව පාරක් ට්‍රයි කරන්න.. අනුන්ට වල කපන කොට එහෙම වෙනවා. කප්පම් ගන්නකොට අන්තවාදීන් හොඳයි. ඒවා එළිකරන කොට ලැජ්ජයි. දැන් විශ්වාස බංග ගේනවා තමන්ගේ පක්ෂේ රැකගන්න. දෙකට කඩන්නේ නැතිව... එතකොට හැම වැඩක්ම පහසුයි.
මුළු පාර්ලිමේන්තුවම එක පැත්තකත් මහජනතාව විපක්ෂයත් බව තේරුම් ගන්න තවත් මොන සාක්ෂිද? මේ කාලකණ්ණි එකෙකුටවත්, 225ටම, රට ගැනවත් මේ රටේ මිනිස්සු ගැනවත් සත 5ක හැඟීමක් නැහැ. මුන් ඡන්දෙ අරගෙන උන්ගේ වැඩ.
එයාගේ වෙලාවද? අපේ වෙලාවද?
කලින් උදව් කරලා තිබෙනවා නේද? 2/3 හදා ගෙන ව්‍යවස්ථාව වෙනස් කරලා තුන් සැරයක් ඉල්ලන්න හදා ගන්න කොට එහෙම, ආයේ වුවමනා නොවේවි කියලා කොහොම කියන්නද? මෙයා නැතුව ඔයාලටත් අමාරුයි. දුර දිග හිතන්න...
හරියට දිනයක් වසරක් ලියාගන්න නොදන්නා අය "ආචාර්ය" වගේ උපාධි හිස් මුදුනේ තියාගෙන ජනතාව රවටන බව අපි දැනගෙන හිටියේ 2500කින් පවුලකට ජීවත්වන්න පුළුවන් බව කිවූ අවධියේ සිටයි!!!
ඕවා හොඳයි එයාලටම. දැන්නම් ජනතාව ඇන්දීම බොරු...
බයවෙන්න එපා... මචන් අපි මේ පොඩි විහිළුවක් කරන්නේ... මහජනයා හරක්නේ අපේ රටේ..
අට පාස් අයව පත් කරලා යැව්වම ඔහොම තමයි...
මේ කාලකන්නින්ට ඕකවත් හරියට කරගන්න බැරිද? දැන් ඉතින් මුන්ද අපිට කියන්නේ රට බාරදෙන්න කියලා... ඇත්තටම මේ රටට නිදහස නොදී සුද්දම පාලනය කළා නම් මීට වඩා හොඳයි නේද?
සේරම බොරුව... පුළුවන් නම් මහින්ද රාජපක්ෂ කියන්න අපේ ආණ්ඩුවකට මෙයාලව ගන්නේ නැහැ. මදි වුනොත් ආණ්ඩු පිහිටුවන්නෙත් නැහැ. ඉදිරි අපේ රජයක් අාවම මෙයාලට උපරිම දඬුවම් දෙනවා කියලා...
ඉන්න හරක් ගැන පව් කියලා හිතෙනවා.. 2018 .. 2019 දන්නේ නැහැ.
දේශපාලන සෙල්ලම. මිනිස්සු හිතන්නේ මොවුන් නියම සිංහලයෝ කියලා...
බදුර්දීන් යුද හමුදාපතිවරයාගෙන් කරන ලද ඉල්ලීමෙන් මනාව අවබෝධ කර ගත හැකියි. මොහුගේ කුමක් හෝ සම්බන්ධයක් මේ ප්‍රහාර මාලාව පිටුපස තිබෙන බව.. එහෙත් මෙම විශ්වාස භංග යෝජනාවට මෙවන් සුළු පිරිසක් අත්සන් කිරීම සම්බන්ධව හා රටේ මහජනතාවට කරුණු සහ කාරණා යන ආදිය තේරුම් ගැනීමට කාලය දැන් එළඹ ඇති බව මාගේ විශ්වාසයයි....
ඕක තමයි දැක්කේ නැත්තේ. මොවුන්ට කෝටි 10 ගාණේ හම්බවෙන දෙයක් නම් දිනය දකින්නේ නැතිව යයිද?
අවම වශයෙන් අපොස උසස්පෙලවත් පාස් අය දේශපාලනයට වද්දා ගැනීම මින් තව දුරටත් තහවුරු කර ඇත. කෙසේනමුත් මෙය දිග්ගැස්සා ගැනීමේ උපායක්ද විය හැකිය..
තප්පුලන හරක්ට වෙලාවක් කලාවක් ගැන දන්නා එකක්ද?
64 දෙනෙකුගේ තත්වය මෙහෙමද? ජනතාවට විහිලු සපයන එක නතර කළානම් හොඳයි..
ගමයා අත ගහන ඔක්කොම කණපිට . ඒ මදිවට කියනවා බාරදුන් දිනයලු වැදගත් . කොහොම නීතිවේදියකු වුනාද දන්නේ නැහැ .බද්යුදීන්ට නොවෙයි ඕවා ගෙනෙන්න ඕනේ බලයට කෑදරකමට අන්තවාදීන් සමග එකතු වී කුමන්ත්‍රණ කර තිබෙන සාටකයන්ටයි .
කට්ටියමගේම හැටි පේනවා නේද? පක්ෂ, පාට හා ජාතිය නොබලා 225 ම ප්‍රතික්ෂේප කිරීමට කාලය එළඹී ඇත. මේ දවස අපේ රටට ආදරය කරන මිනිසුන් නැතිතරම්...
දැන් මේක විසිකරන්නද යන්නේ? මේකේ වැදගත්කම තියෙන්නේ දින්න පරදින එක නෙවෙයි. කලුසල්ලි වලින් බ්ලැක්මේල් වෙන දේශපාලකයන් කවුද කියලා ලැයිස්තුවක් හදාගන්න පුළුවන්... දැනටම ජවිපෙ 6 එළියේ...
ඊළඟ ඡන්දයකදී තමන්ගේ පැවැත්ම උදෙසාම පමණක් හිතන බලලෝභී දේශපාලනය ඡන්ද දායකයා මුරුංගා අත්තේ තියන්න ගත් උත්සාහයක් පමණි. වෙනයමක් අන්තර්ගත වී නැත. අපි අන්තවාදයට විරුද්ධයි යන පණිවිඩය මෝඩ පාට කණ්ණාඩි ඡන්ද දායකයාට දැනෙන්න ගත් පොඩි උප්පරවැට්ටියක් පමණයි. වෙන යමක් මෙහි නැත...
ඉතින් කොහොමද මේ මී හරක් ටික රටක් පාලනය කරන්නේ...? හොඳයි ගොඩ, මඩ වැඩට...
එ්කනේ කියන්නේ 225 දෙනාම හරක් කියලා... මුන් කොහෙද රටක් හදන්නේ?
සාක්ෂරතාවය නම් දුර්වලයි. උගත් අය ගේන්න තරම් බුද්ධිමත් විය යුතුයි.
සාක්ෂරතාවය දුරුවලයි. උගත් අය යැවීමට ජනතාව කටයුතු කළ යුතුයි
ඒකෙ රිසාඩ් බදියුදින් කළ එක වරදක්වත් නැහැ. තියෙන්නේ එයාගේ ළගින් හිටපු අය කළ දේවල්. මේක එයාට දිනන්න හදපු විශ්වාස භංගයක්.
ඔක්කොම බොරු කාරයෝ. අපිව ගොනාට අන්දන්න හදනවා. ඔක්කොම එක වල්ලේ පොල් තමයි...
මං හිතන්නේ දිනයේ නම් වැදගත් නෑ. වැඩේ තමයි වැදගත්. වැඩක් කරනකොට දිරිමත් කරන මිනිස්සු බොහොම අල්පයි. අපේ නම් බලාපොරොත්තුව පැත්තෙන් හරි, පිත්තෙන් හරි අන්තවාදී දේශපාලඥයින් එකෙක් හෝ පලවා හැරීමයි. 225ක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියන එක බොහොම ජනප්‍රිය මාතෘකාවක්. සුදුසු උගත්තු පසෙකලා මෙවැනි 225 පත් කළේ ඔබ වැනි අඳබාලයෝම තමයි කියලයි මට හිතෙන්නේ. ඉදිරියේදිවත් එවැනි ගොන් වැඩ නොකර සිටියි කියලා මේ අඳ බාලයින්ගෙන් මම බලාපොරොත්තු වෙනවා...
ඔන්න ඔහොම ගොන් හරක් තමයි ඔය දියවන්නාවේ ඉන්නේ... කියවන්නේ නැතිව අත්සන් කලේ....
දැනට වුවමනාව විශ්වාස භංගයක් නොව මොවුන්ට දඬුවම් දීමයි. වහාම අත්අඩංගුවට ගන්න. ඒ තුළින් ජනතාවට සාධාරණත්වයේ පණිවිඩය දෙන්න...
ඊළඟ ඡන්දයකදී තමන්ගේ පැවැත්ම උදෙසාම පමණක් හිතන බලලෝභී දේශපාලනය ඡන්ද දායකයා මුරංගා අත්තේ තියන්න ගත් උත්සාහයක් පමණි. වෙනයමක් අන්තර්ගත වී නැත. අපි අන්තවාදයට විරුද්ධයි යන පණිවිඩය මෝඩ පාට කන්නාඩි ඡන්ද දායකයාට දැනෙන්න ගත් පොඩි උප්පරවැට්ටියක් පමණයි. වෙන යමක් මෙහි නැත...
කතානායකට ඕනෑ නම් දිනය ප්‍රශ්නයක් කර නොගෙන ඕක කරන්න පුළුවන්... දින 54 කාලේ ටිපෙක්ස් දාලා එතුමා අත්සන් පිළිගත්තනේ...
දිනයක් වත් හරියට ලියන්න දන්නේ නැති අයනේ පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්නේෙ... තව මොනවද මොවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්...?
ඒව මේවා කරකර, අපිව ගොනාට අන්දව අන්දවා, රට්ටු හිනස්සවන ගොන් පාට් දාන්නේ නැතිව, ඔය සිංහල යැයි කියා ගන්නා පක්ෂ ඇණ කොටා ගන්න එක නවත්වලා, සමගි ගිවිසුමක් ගහල එක් සිංහල අපේක්ෂකයෙක් පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන්න. එතකොට ඔය සුළු සුළු පක්ෂ වටේ කැරකෙන්න ඕනෑවෙන්නේ නෑ රට කරන්න.
" උදය ගම්මන්පිල " අතගහපු කිසි දෙයක් හරියන්නේ නැහැ.. !!!
අමාත්‍ය රිෂාද් බදියුදීන්ගේ විශ්වාශ භංගය දිනේ කෙසේවෙතත් ලංකා කොඩියේ තියෙන ඉන්දීය කොඩියේ පාට දෙක නැතිවුනොත් ලංකාව ජාතින් ලෙස බෙදෙන එක මානසිකව අඩුවෙයි. ලංකා කොඩියේ සමබරතාවය, සරල ගාම්භීරත්වය නැතිවෙලා. ඉරි වැඩියි. ව්‍යාකූලයි. අනික සිංහයා කැලේ රජාවුණාට. පැය 18ක් නිදාගන්නවලු. සිංහධේනුව දඩයමේ ගිහින් හොයාගන්න මස් රංචුවේ කාටත් කලින් කාලා ඉතිරියලු අනෙක් එවුන්ට කන්න වෙන්නේ. සිංහධේනුවගේ දඩයම අසාර්ථකවී කෑමට දෙයක් නැත්නම් අවස්ථාව අාවොත් තමන්ගේ පැටවුන් වුවද කන සතෙක්ලු. අද ලංකාවට නියමෙට ගැලපෙනවා කියල හිතෙනවා. ගැනුන්ව පිටරට යවල හම්බ කරගෙන කන්න හදන්නේ. එයද අරාබිකරයටයි. ළමයින්ට මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. එදා හෙළයා කුඹුරේ හොඳට වැඩ කරලා හොඳට කාපු ජාතියක්ලු. අද පණ යනකන් වැඩත් කරලා හරියට කන්නත් නැහැලු. බෙලහීනවී ඇත.
ත්‍රස්තවාදීන් සමග සම්බන්ධ කම් තිබෙන බවට සහ ත්‍රස්තවාදීන්ට විරුද්ධ කරන, සටන්කරන, මෙහෙයවන හමුදා නිලධාරින්ට තම ඇමතිකම භාවිතා කරමින් බලපෑම් කරපු බවට සාධාරණ සැකයක් තිබෙනවා නම්..., පොලිසියට පුළුවන් අත්අඩංගුවට ගන්න. ඇමෙරිකාවේ වුණත් ත්‍රස්තවාදී සම්බන්ධකම් තිබෙනවා නම් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට හැංගිලා බේරෙන්න බැහැ. දැනට පවතින හදිසි නීති යටතේ පුළුවන් හමුදාපතිට වුණත්, මොහුව අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා මොහුව රඳවාගෙන ප්‍රශ්න කරලා නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩු පවරන්න. ඔහුට නීති උපදෙස් අවශ්‍යනම් හමුදාවේ ඉන්නවා නීති නිලධාරියන්, මේවා ඔක්කොම තියාගෙන අඳ බාලයෝ වගේ මාධ්‍ය හරහා එකඑක ප්‍රකාශ කරන එක ලොකු දුර්වලතාවයක් ලෙස මම දකිමි...
ඕක හිතලාම කලාද කියලා හිතෙනවා, අපි බලමු ඡන්ද කල් දැමීමට තීරණය කරාවි ද කියලා
මෙව්වා මුන්ගේ බොරු.......විශ්වාසභංගය අසාර්ථක කරගන්න තම මුන්ට ඕනේ.....ආයි දිනයක් හරියට දාගන්න බැරිද මුන්ට....බොරුව් ....බොරුව....මුන් මිනිස්සු චූන් කරලා නිකන් ඉන්නවා....මේ සක්කිලින්ට අහු වෙන්න එපා. ඊළඟ ඡන්දෙදි මුන් ඔක්කොම අරින්න ගෙදර.........
ජනතාව නැවත ගොනාට අන්දන්නද හදන්නේ අන්තවාදීන් එක්ක ගිවිසුම් ගහන එකෙකුටවත් නැවත ඡන්දෙ දෙන්නේ නෑ....
මොකක්හරි කරුමයක් හින්දා දිනේ අමතකවෙලා තිබියන්......
මේ 64 දෙනාගෙන් එක්‌කෙනෙක් හරි නැවත පාර්ලිමේන්තුවට යවන්න තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරන අයට කියන්ලන දේවල් නැහැ !
කිසිම වගකීමක් ඇතුව වැඩකරන්න බැරි අයට පුලුවන්ද රටක් පාලනය කරන්න .....
මේ " විශ්වාසභංගය " සකස් කලේ .... අපේ නීතිය හදාරපු නීතිවේදීන් පිරිසක් ... , මේ වැදගත් ලිපියක "" දිනය "" සඳහන් කරන්න තරම් වත් මුන්ට දැනීමක් නැහැ .... ඉතින් වැඩිය කියන්න ඕනේ නැහැ නේද ... මොන වගේ නීතිය හදාරපු බුරුවෝද .. අපේ රටේ දේශපාලනයට සම්බන්ද වෙලා ඉන්නේ කියල ..
ඕක හිතාමතාම කරපු දෙයක්. දිගින් දිගටම කරන්නේ ජනතාව ගොනාට ඇන්දවීමයි. ඒත් ඕවා හැමදාම කරන්න ලැබෙන්නේ නම් නෑ.