අල්ලස් ගත් සැරයන් වසර 16 ක් හිරේට
නීත්‍යනූකූල දඩුවමෙන් වළකාලීම සදහා කසිප්පු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කහවත්ත පොලිසියේ හිටපු පොලිස් සැරයන්වරයකුට වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළේය.