(රොමේෂ් මධුෂංඛ)
වව්නියාව, පුලියන්කුලම ප්‍රදේශයේ පාලු ළිඳක තිබී මෝටාර් උණ්ඩ තොගයක් සොයා ගත් බව පුලියන්කුලම් පොලීසිය පවසයි.
පවතින නියං තත්වය හේතුවෙන් ප්‍රදේශවාසියකු විසින් ගෙවත්තක තිබු ළිඳක් පිරිසිදු කරන අවස්ථාවේ අදාළ බෝම්බ තොගය හමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් අසල යුද හමුදා කඳවුරක් වෙතට දැනුම් දී ඇත.
පසුව වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණ නියෝගයකට අනුව වව්නියාව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා 563 බල සේනාවේ යුද හමුදා නිලධාරීන් හා පොලීසිය එක්ව සිදුකළ මෙහෙයුමකින් පසුව ළිඳ තුළ තිබු මෝටාර් උණ්ඩ තොගය සොයාගෙන ඇත.
එහිදී මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 11 ක්, ටී - 56 ගිනි අවි කොටස් දෙකක් හා බිම් බෝම්බයක් ද සොයාගෙන ඇත.
යුද සමයේ අදාළ ප්‍රදේශය කොටි පාලන බල ප්‍රදේශයේ තිබු අතර, අවසන් සමයේ පලා ගිය කොටි සාමාජිකයින් අදාළ පුපුරණ ද්‍රව්‍ය ළිඳට දමා යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතව ඇති බව පුලියන්කුලම් පොලීසිය වැඩිදුරටත් පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd