( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇතැයි කියන කැළි කසළ යළිත් එරටට යැවීමට නියෝග කරන ලෙසද , ඉදිරියේදී කිසිදු විදෙස් රටකින් කැළි කසළ මෙරටට ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා පාරිසරික යුක්ති කේන්ද්‍රය අභියාචනාධිකරණය හමුවේ අද (22) රිට් පෙත්සමක් ගොනු කරන ලදී.
පාරිසරික යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත සිසිර කුමාර මහතා විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරියේ රේගු අධ්‍යක්ෂ ජනරාල් සහ නීතිපති නම් කරනු ලැබ ඇත.
නීතීඥ නිල්මල් වික‍්‍රමසිංහ මහත්මිය මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.
පෙත්සම්කරු ජ්‍යෙෂ්ඨ පරිසර විද්‍යාඥයෙකි.ජීව විද්‍යා උපාධිධරයෙකි.
සායනික අපද්‍රව්‍ය , ඉවතලන ප්ලාස්ටික් , මෙට්ට‍්‍රස් ආදි අපද්‍රව්‍ය තොගයක් එක්සත් රාජධානියේ සිට මෙරටට ආනයනය කර ඇත.මෙම විදෙස් කැළි කසල මෙරටට ආනයනය කර ඇත්තේ මෙරටදී එම අපද්‍රව්‍ය වළලා දැමීම සඳහාය. මේ හේතුවෙන් පරිසර විනාශයක් සිදුවනවා සේම, ජනතාවගේ සෞඛ්‍යයටද හානි සිදුවේ.
මෙම විදෙස් අපද්‍රව්‍ය මඟින් පිටවන විෂබීජ හේතුවෙන් පිළිකා සහ වකුගඩු රෝග සෑදීමේ අවදානමක් ඇතිවේ.
මෙවැනි ක‍්‍රියා සිදුකිරීමට මධ්‍යම පරිසර අධිකාරියේ අවසරය ලබා ගත යුතුව ඇත.මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්නා ගෙස පෙත්සම්කරු මධ්‍යම පරිසර අධිකාරියට ලිඛිතව සැළ කර සිටියත් , මෙතෙක් ඒ පිළිබඳව යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැත.
එැබිවින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසද, ජාතික පරිසර පනතෙහි විධි විධනා උල්ලංඝනය කරමින් මෙරටට විදේශයන් හි සිට කැළි කසල ආනයනයට අවසර ලබා දී ඇති ලියකියවිලි බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද, මෙවැනි විදෙස් කැළි කසල ආනයනය කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද, මෙරටට ගෙන්වා ඇතැයි කියන විදෙස් අපද්‍රව්‍ය සහිත කන්ටේනර් යළි එක්සත් රාජධානියට යැවීමට නියෝග කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප විස්වාස කරනවා ගරු අධිකරණය මේ නරකාදිය නැවත සුද්දන්ගේ රටටම යවන ලෙස මෙම දහජරාව ගෙන්වූ අදාළ අයට නියෝග කරයි යන්න.
මේකට අධිකරණ නියෝගයක් අවශ්‍යද? ආණ්ඩුවට අවශ්‍ය පියවර ගන්න. ගම්වල සාමාන්‍ය, දුප්පත් මිනිහෙක් කුණු එහෙ මෙහෙ දැම්මා නම්, මේ වනවිට දඬුවමුත් දීලා ඉවරයි. මේවා ගෙනාපු අය තාම නිදැල්ලේ...
මේ අපද්‍රව්‍ය ගොඩබෑමට ඉඩ නොදුන්නා නම් ගෙන්වූ කෙනා මොනවා කරන්නද? මේවා ගොඩබෑමට ඉඩදුන්නේ ඇයි...?
මේ කැලි.. කසල ආපු රටවල්වල " තානාපතිලත් " මේ කුණු එක්කම පටවලා ඇරියා නම් නේද හොඳ..?
සුද්දන්ගේ සැරව, සෙම්, සොටු, මුත්‍රා, අසූචි ලංකාවට ආනයනය කිරීමට හොර රහසේ ආනයනයට පිඹුරුපත් සැකසූ පුද්ගලයින්ගේ ප්‍රජා අයිතිය තහනම් කරමු නේද අපේ හාමුදුරුවනේ? මේ දවස්වල මව්බිමට අරක්ගත් දේශප්‍රේමීන්ගේ නිහඬතාවය ලොකු ප්‍රශ්නයක්...
ඊලග කසල එන්නේ සිංගප්පුරුවෙන්.
ධම්මික පෙරේරාගේ හේලීස් ආයතනයට මේකේ සම්බන්ධයක් තියනවා කියනනේ ඇත්තද?