(නාලක සංජීව දහනායක)
‘කිරෙන් සපිරි දැයක්’ යන තේමාව යටතේ පාසල් සිසුන්ට දියර කිරි පැකැට්ටුවක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර කලවාන කජුගස්වත්ත ශාස්ත්‍රෝදය විද්‍යාලයේ දී හෙට (23) ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව පළමු වසරේ සිට පහ වසර දක්වා දරුවන් ලක්ෂ හතරකට දිනකට දියර කිරි මිලි ලීටර් 150ක් ලබාදීමට නියමිතය. මේ සඳහා රජය වසරකට රුපියල් මිලියන දහසක මුදලක් වෙන්කර ඇත.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශයන්ට අනුව රස කළ කිරි වෙනුවට ප්‍රමිතිගත දියර කිරි පැකට්ටුවක් ලබාදීමට නියමිතය.
වසර 2025 වනවිට මෙරට දියර කිරි නිෂ්පාදනය ඉහළ දැමීමට, ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවන්ගේ පෝෂණය ඉහළ නැංවීමට, කිරිපිටි ආනයනය කිරීම වෙනුවෙන් රජය වසරකට වියදම් කරනු ලබන ඇමරිකානු ඩොලර් මිලියන 380ක මුදල අවම කිරීමට, මේ වනවිට පාසල් ළමුන් අතර පවතින මන්දපෝෂණ තත්ත්වය මැඩ පැවැත්වීමට, දියර කිරි පරිභෝජනය සඳහා මෙරට ජනතාව හුරු කරවීමට සහ රට තුළ දියර කිරි නිෂ්පාදනය ප්‍රචලිත කිරීමට මෙම වැඩසටහනින් අපේක්ෂා කෙරේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන අමාත්‍යංශයේ හා පශු සම්පත් අමාත්‍යංශයේ සහයෝගය මත ජනාධිපති ලේකම් කාර්යාලය හා ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හොද වැඩක්. අනාගත ලංකාව හැම අතින්ම සරු රටක් කරන්නට දරුවන්ටම හැම අතින්ම සලකමින් ලෝකේ කිසි රටක නොදෙවෙනි අන්තවාදී නොවන අන්ද විස්වාසවලින් තොර කිසිවෙකුට රැවටීය නොහැකි මිනිසුන්ගෙන් පිරි රටක් හදමුද? එහෙනම් වැඩිහිටියන් තම තමන්ගේ කුහකකම් හදුනාගන ඉන් නික්මෙන්න.
වැඩේ නම් ඉතාමත්ම අගනා වැඩක්. ඒත් මේ හදිස්සියේ.. මේවා ක්‍රියාත්ම කරන්න තිබුනේ දශක කීපයකට පෙර කෙසේ හෝ පමාවී වුනත් ගත් මෙම තීරණය අප අගය කරන්නෙමු. අප විස්වාස කරනවා ලග එන තෝරන තරගෙට පෙර සුදානමක් ලෙස ගත තීරණයක් නොවෙන බවට ..
අනේ ඡන්දෙත් ළඟ ළඟ එනවා නේද, බඩේ අමාරුවක් එහෙම හැදෙන එකක් නැහැනේ.
පොඩි අයව නම් රවට්ටලා අහුවෙන්න එපා. මොකද මේ ළමයි ලොකු මහත් උනහම " ඡන්ද දායකයෝ " වෙන නිසා .
පොහොසත්, අධිපෝෂිත ළමයින්ට නොදී, අවශ්‍ය දරු පැටවුන්ට දෙනවා නම් වඩා හොඳයි. ලංකාවේම නිෂ්පාදන දෙන්න පුලුවන් නම් කොච්චර අගේද?
සිරිසේන මහත්තයා ආපහු වතාවක් ඉල්ලන්න වගේ...
හැබැයි නියම එළකිරි වියයුතුයි...
කිරි පැකට් නැතුව වීදුරු දුන්නනම් හොඳයි. දැනට තියෙන ප්ලාස්ටික් ප්‍රශ්නේ තව දරුණු වෙනවා දවස ගානේ පැකට් ලක්ෂ ගානක් පරිසරයට දැම්මම.