(රොමේෂ් මධුෂංඛ)
යාපනය, මානිප්පායි, ඉනුවිල් ප්රදේශයේදී පොලිස් මාර්ග බාධක රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරීන්ට පහර දුන් ආවා කල්ලියේ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් අද (23) දින අධිකරණයට ඉදිරිපත් කරන බවට මාණිප්පායි පොලීසිය පවසයි.
පසුගිය 20 වනදා ඉනුවිල් මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් හා ආවා කල්ලිය අතර සිදුවූ ගැටුම සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් විසින් සිදුකළ මෙහෙයුමක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරුවන් යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි ප්රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර, වයස අවුරුදු 19 ක් වන සැකකරුවන් දෙදෙනෙකු හා 20ක් වන සැකකරුවෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කරයි.
පසුගිය 20 වනදා පොලීසිය වෙත පහරදුන් පිරිස අත්අඩංගුවට යාමේදි සිදුවු වෙඩි තැබීමකින් යාපනය, කොඩිකාමම්, කච්චායි ප්රදේශයේ පදිංචි සෙල්වරත්තිරම් කවිගජන් නමැති 22 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වූ අතර මියගිය තරුණයාගේ මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදී පවත්වා සිරුර ඥාතීන් වෙත භාර දීමට පියවර ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (23) යාපනය මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවට පරික්ෂණ සිදු කරන මාණිප්පායි පොලීසිය වැඩි දුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේගොල්ලන්ට කියන්න තිබුනානේ සැඟවූ ආයුධ පෙන්වන්න කියලා. ෂාහ් අපරාදේ ගෝල්ඩන් චාන්ස් එකක් මිස් කරගත්තේ. කමක් නැහැ නෙක්ස් ටයිම්.