(ඉන්දිකා රාමනායක)
ජාතික තවුහිත් ජමාද් ත්‍රස්ත ප්‍රහාරයේ ත්‍රස්ත කණ්ඩායම සමන්තුරේ සෙන්ගල් ග්‍රාමයේ හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල පවත්වාගෙන ගිය පුපුරණ ද්‍රව්‍ය ගබඩා දෙකක් සම්බන්ධයෙන් පොලිසියට තොරතුරු ලබාදුන් පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දීමට වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අද (23) අනුමැතිය ලබා දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මෙම පුද්ගලයා ඉකුත් අපේල් 26 වැනි දින ලබාදුන් තොරතුරෙන් පොලිසියට හා යුද හමුදාවට සෙල්ගල් ග්‍රාමයේ නිවස හා සමන්තුරේ නින්දවුර් යන ප්‍රදේශවල තිබූ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවිය.
මෙම ත්‍රස්තවාදී කණ්ඩායම සම්බන්ධයෙන් ලබාදුන් තොරතුරු අනුව විශාල වශයෙන් පුපුරණ ද්‍රව්‍ය , බෝම්බ සෑදීමට ගන්නා යකඩ බෝල, රසානික ද්‍රව්‍ය පිරවූ කෑන් අත්අඩංගුවට ගත්ත ද ඔහු සම්බන්ධයෙන් මෙතෙක් ඇගයීමක් සිදු නොවු බවට මෙම පුද්ගලයා පසුගිය දිනක විද්‍යුත් මාධ්‍ය වෙත ඉදිරිපත් කර තිබූ හඬපටයක් සැලකිල්ලට ගෙන පොලිස්පතිවරයා මෙම අනුමැතිය ලබා දුන් බව පොලිසිය කියයි.
මොහු ලබාදුන් තොරතුරු පිළිබඳව වැඩබලන පොලිස්පතිවරයා සැලකිල්ලට ගෙන එක් තොරතුරක්ට රුපියල් ලක්ෂ 25 බැගින් රුපියල් ලක්ෂ 50 ක මුදල අනුමත වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීයක් දුන්නද කියන එක හෙලිකීරීමම මෝඩ වැඩක්. දැන් අර මනුස්සයට නෑයන්ගෙන් යාලුවන්ගෙන් සල්ලි අතමාරුවක් කරගන්න එන මිනිස්සුන්ගෙන් විසුමක් නැති වෙනවා ඒකාන්තයි. හොරුත් ඇහැ ගහගෙන ඉදීවී.
ඒ මනුස්සයාව ප්‍රසිද්ධ නොකරයි කියා විශ්වාස කරනවා. එහෙම වුවහොත් ඔහු ත්රස්තවාදීන් ගේ ගොදුරක් වේවි
ඔහු මෙම විනශකාරී අවස්ථාව වැළැක්වීමට ක්‍රියාකළ ආකාරය මම සිතන ආකාරයට මුදලින් පමණක් අගය කල නොහැකි විශිෂ්ට සේවයකි. යම් හෙයකින් ඔහු මෙම අවස්ථාව සුළුවෙන්තකා මගහැරියේ නම් සිදුවීමට ගිය විනාශය සිතාගන්නට බැරිතරම්ය. එමනිසා ඔහුට ප්‍රමාණවත් ආරක්ෂාවත්ද සපයන්නේනම් මැනවි.
ඔත්තුකරුව ඇගයීම අගය කරන අතර මෙවැනි දේවල් ප්‍රසිද්ධ කිරිම නම් අනුමත කරන්න බැහැ. දැන් ඔත්තුව දුන්න අයට සැඟවිලා ඉන්න වෙන්නේ. අතීතය අමතක කරන්න එපා.
ඇත්තෙන්ම මොහුව ආරක්ෂා කල යුතුය. මොහු විසින් කල ඒ සත් ක්‍රියාවෙන් ජිවිත කියක් විනාශයෙන් බේරුනාද. එය අප හදවතින්ම අගය කරන්නෙමු. ඔබට සියලුම ආගම්වල රැකවරණ ලැබේවා...!!!
නියමයි. බොහොම හොඳ තීරණයක්