කොළඹ--මහනුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියැදුරකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අධිකරණයට බාරවූ පෞද්ගලික පන්ති පවත්වන ගණිත ගුරුවරයකු වන දිනේෂ් නුවන් අමරතුංග නමැත්තා ඇතුළු සිවුදෙනකු ලබන 29 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට අත්තනගල්ල මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය ඊයේ (22) නියෝග කළාය.
මෙසේ රිමාන්ඞ් බාරයට පත් කෙරුණු සෙසු සැකකරුවන් වූයේ ඉන්දුල ශ්‍රී සම්පත්, සහන් අකලංක හා ඉන්දු සම්පත් බණ්ඩාර යන තිදෙනාය. මෙම සැකකරුවන් තිදෙනා ද අධිකරණයට බාර වූයේ නීතිඥයකු මාර්ගයෙනි.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් රිමාන්ඞ්ගතව සිටි ගාමිණී විජේසූරිය, ගීත් ප්‍රසන්න බණ්ඩාර, මාකර්ස් පීටර් රුවන් ප්‍රසන්න සහ සඳුන් පුෂ්පකුමාර යන සිවුදෙනා බන්ධනාගාර නිලධාරීන් විසින් ඊයේ (22) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාවේදී ඔවුන් ද ලබන 29 තෙක් රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
ප්‍රභූ රැකවලුන්ගේ ඇඳුම්වලට සමාන ඇඳුම්වලින් සැරැසී ඩිෆෙන්ඩර් රථයකින් හා ප්‍රාඩෝ රථයකින් පැමිණි පිරිසක් පසුගිය 16 වැනිදා කළගෙඩිහේනේදී මෙම ප්‍රහාරය සිදුකළ බව අධිකරණයේදී කියැවිණි.
ප්‍රහාරයට ගොදුරු වූ තැනැත්තා පවුලේ සාමාජිකයන් ද සමග සිය වෑන් රථය පදවාගෙන යමින් සිටියදී ඩිෆෙන්ඩර් රථයට සහ ප්‍රාඩෝ රථයට ඉස්සර කිරීමට ඉඩ නොදුන්නැයි උරණ වී සිදුකළ මෙම පහරදීම පිළිබඳව රූප රාමු සහිතව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග වැඩ බලන පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පැවැත්වීමට කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයට නියම කළේය.
ඒ අනුව කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසය සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටියදී සැකකරුවන් සිවුදෙනකු පසුගිය 20 වැනිදා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයට බාරවූහ. ඔවුන් එදින අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඊයේ (22) වනතුරු රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබූ අතර එදිනට ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළාය.
මෙම පැමිණිල්ල ඊයේ (22) යළි කැඳවූ අවස්ථාවේ රිමාන්ඞ්ගතව සිටි සැකකරුවන්ට චෝදනා පත්‍රය ඉදිපත් කෙරුණු අතර ඔවුන් වරද පිළිගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇති නිසා හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අවලංගු කරන්නැයි ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මේ අනුව නඩුව පසුවට කල් තබා නැවත කැඳවූ අවස්ථාවේ සැකකරුවෝ අටදෙනාම අධිකරණයේ පෙනී සිටියහ.
මෙහිදී කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක එස්.පී.ඩී.ජේ. නිශාන්ත මහතා කරුණු දක්වමින් මෙසේ ද කීය.
“මෙම සිද්ධිය මුළු රටේම මහත් ආන්දෝලනයට පත්වූ සිද්ධියක් මෙන්ම සාමකාමී පුරවැසියන්ට මහමඟ ගමන් කිරීමේ අයිතිය නැති කිරීමේ සිද්ධියක්. සැකකරුවන්ගේ ප්‍රහාරයට ලක්වූ වෑන් රථයේ කුඩා දරුවන් පවා සිටියා. එයින් ඔවුන් දැඩි භීතියකට හා කම්පනයකට පත්වූ බව පරීක්ෂණවලදී හෙළි වුණා. මෙය මහ දවල් සිදු කළ අපරාධයක්. එය විද්‍යුත් මාධ්‍ය මගින් පවා දැක ගන්න ලැබුණා. මේ අනුව මුළු රටම මේ දෙස බලා සිටිනවා. විශාල පිරිසක් බලා සිටියදී තමයි මේ අපරාධය සිදුකර තිබෙන්නේ. මෙහි පරීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර නැහැ. මේ තත්ත්වය යටතේ මේ සැකකරුවන් ඇප මත මුදාහැරීමට විරුද්ධ වෙනවා.”
සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අජිත් පතිරණ මහතා කරුණු දක්වමින් අධිකරණයට බාරවූ සැකකරුවන් සිවුදෙනා වාහනවල සිටියා මිස ඔවුන් එළියට බැස්සේවත් නැතැයි කියා සිටියේය.
මේ සිද්ධිය වී තිබෙන්නේ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට යන අතරතුරේදී යැයි ද මේ අතර නීතිඥවරයකුත් සිටින බව ද නීතියට ගරු කරන්නන් වශයෙන් ඒ අවස්ථාවේ නිට්ටඹුව පොලිසියටත් දැනුම්දීමක් කළ විට පොලිසියට පැමිණිල්ලක් නැහැ කියා පිළිතුරක් ලැබී ඇතැයි ද ජනාධිපති නීතිඥවරයා පැවැසීය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ යසස් ද සිල්වා මහතා කරුණු දක්වමින් මෙම අපරධය සිදු කළ අවස්ථාවේ වෑන් රථයේ සිටි කුඩා දරුවන් මේ වනවිටත් දැඩි කම්පනයකින් පසුවන බව කීය.
දෙපාර්ශ්වය වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් අටදෙනා ලබන 29 වැනිදා තෙක් රිමාන්ඞ් බාරයේ තැබීමට නියෝග කළාය.
සැකකරුවන් වෙනුවෙන් හරිත් හෙට්ටිආරච්චි, සමිතලාල් කොඩිසිංහ හා රුක්මන් සිල්වා යන නීතිඥවරුන් සමඟ ජනාධිපති නීතිඥ අජිත් පතිරණ මහතා පෙනී සිටියේය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ යසස් ද සිල්වා මහතා පෙනී සිටියේය.
කොළඹ අපරාධ වාර්තා කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී උදය හේමන්ත මහතාගේ උපදෙස් පරිදි එහි ප්‍රධාන පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු හා උපපොලිස් පරීක්ෂක එස්.පී.ඩී.ජේ. නිශාන්ත යන මහත්වරු පැමිණිල්ල මෙහෙය වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පුවතේ ඇස සොරා ගත් ප්‍රධානම කාරණය සැකකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අජිත් පතිරණ පෙනී සිටීම. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ යසස් ද සිල්වා.... මොකද මේ ජනාධිපති නීතිඥවරු ගොඩක් වෙලාවට වැරදි කාරයෝ වෙනුවෙන්ම පෙනී ඉන්නේ. නඩුව ගොඩ දන්නා දෙන කුට්ටිය හොද නිසාද
සැකකරුවන් වාහනෙන් බැස්සේ නැහැ? එතකොට රියදුරාට සහ වැන් රියට ගැහුවේ පාරේ යන අයද?
මම ටියුෂන් ගුරාලා ගැන කථාවක් කියන්නම්. දවසක් මම හිතවතෙකුගේ දරුවෙක් විශ්ව විද්‍යාලයකට ඇතුලත් කිරීම සඳහා ගියා. ඉක්මනින් වැඩකර ගැනීමට මමත් එක් පෝලිමක ගියා. මට ඉදිරියේ සිටි තරුණයාගෙන් මම නිකමට ඇහුවා පුතේ ඔබේ ප්‍රතිපල කොහොමෙයි කියල ඔහු කිව්වා මට ඒ තුනක් තියෙනවා කියලා. මගේ දෙවැනි ප්‍රශ්ණය එහෙමනම් මෙම විද්‍යාලයට ආවේ ඇයි මම ඇසුවා. තරුණයා කියනවා ඇන්ටි මම සාමාන්‍ය පෙළ සමත්වූ වෙලාවේ සිටම උසස්පෙළ පංති පැවැත්වුවා. මම ඉගැන්වූ ළමුන් සමත්වුනත් මෙතෙක්කල් මට සමත් වෙන්න බැරිවුනා. මෙවර තමයි සමත්වුනේ. මම වෙනත් විද්‍යාලයකට ගියොත් මට පංති කරන්න නැතිවෙනවා මගේ ආදායම් නැතිවෙනවා එනිසා මම මෙහාට ආවා කියලා. එවෙලේ උන්හිටි තැන් අමතකවුන මට කියන්න තියෙන්නේ ටියුෂන් ගුරාලාගේ අධ්‍යාපන සුදුසුකම් බලන්නවත් ක්‍රමයක් හදන්න කියලයි.
තමන්ගේ තරම දැනගෙන වැඩ කලානම් ඉවරනේ මේ රටේ හැමෝම හිතන් ඉන්නේ තමන් ලොක්කෙක් කියලා. පාරේ යද්දී ගිලන් රථයක් හෝ ත්‍රිවිධ හමුදා රථයක් හැර කිසිවෙක් විශේෂ නැහැ. හැමෝම රියදුරන්. මේක හැමෝම තේරුම් ගන්න ඕනේ කෝටි 100 වාහනේ ගියත් යතුරුපැදියේ ගියත් හැමොටම එකම අයිතිවාසිකම තියෙන්නේ. කෙසේ උනත් අධික වේගය වගේම මග අවහිර කරමින් හෙමින් ධාවනයට විරුද්දව නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
මේ වගේ අහිංසක මනුස්සෙයෙක්ටවත් පාරේ බැහැලා යන්න නොදී අසික්කිත වැඩ කරන, මොලේ කළදක්වත් නැති අයට විරුද්දව සාමාන්‍ය මිනිස්සු වෙන අපි නැගී සිටිමු .
මේ තැනැත්තා ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්ට හිටපු කෙනෙක්ලු. මෙවැනි අය දැන් හැසිරෙන්නේ මෙහෙම නම්, සැබවින්ම ජනාධිපති වූවානම් මිනිසුන්ට දෙතිස් වද දෙන්ට පටන් ගනී. ලංකාව කිසි දිනක දියුණු වන රටක් නොවේ.
මේ වගේ නරුම ගුරුවරයෝ ලගටද දෙමව්පියෝ දරුවෝ පිටත් කරන්නේ. දරුවොන්ටත් මේවා නියම ආදර්ශ
දැක්ක නේද මේ වගේ වැඩ කරපු අය වෙනුවෙනුත් මල් ශාලාවල වැඩ කරන සුදු කෝට් කබා කාරයෝ ඉදිරිපත් කරන ගොන් තර්ක....මොනතරම් සමාජය පිරිහිලාද මුදල් වෙනුවෙන් ඕනෑම අයෙක් වෙනුවෙන් පෙනී සිටින්නට මල්ශාලා කාරයෝ කොට්කබා ඇදගෙනමයි ඉන්නේ...
සල්ලි බලපුලුවන්කාරකම් වලට දෙවියොත් හිස නමනවාලු....
අපේ කාලේ ගුරුවරු කියන්නේ හරිම නීති ගරුක ආදර්ශමත් ,දරුවන්ට හොදින් අහුන්කන්දෙන පිරිසක්. එත් දැන් බැලුවාම මේ ඉන්නේ ගුරුහොරු....ඉගෙනීමේ කඩයක් කරත් ගුරුකමේ තිබෙන ගරුත්වය, හැසිරීම බල්ලට ගොසින් ඇත. මේ ඉලක්කන් එකතුකරන ගුරා මෙහෙම" ගොනෙක්, තිරිසනෙක් " වගේ හැසුරුනානම් රොකට් සයන්ස් උගන්වන ගුරෙක් කෙසේ හැසිරේද යන්න හිත ගැනීමටවත් බැරිය....කෙසේ වෙතත් මෙම මීහරක් ගුරාට අප මෙසේ පැවසීමට කැමැත්තෙමු. තොපි මෙසේ රස්තියාදුකාරයන් ලෙස, කුඩුකාරයන් ලෙස හැසිරෙන්නේද ?? මේවාට මෙලොවදීම මේවට උත්තර ලැබෙනවා...
චන්ඩි වෙන්න හදන මේ කාලේ මේ වගේ චන්ඩි ලැජ්ජ වෙනවා දකිද්දී හිතට සතුට මට විතරද? මේක දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නේ. මේ කට්ටියත් ඒ ට්‍රෙන්ඩ් එක දැකල අනුගමනය කරන්න ගිහින් අනාගත්ත කට්ටියක්.
කූරූ ගැනීමත් එක්තරා ගණිත ක්‍රමයක් තමා