රන් බිස්කට් තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට
රුපියල් මිලියන 58 ක් වටිනා රන් බිස්කට් 65 ක් තම සිරුරේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපළෙන් පිට කිරීමට තැත් කළ ගුවන් තොටුපළ පෝටර්වරයකු අද (5) රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය .