(අජන්ත කුමාර අගලකඩ)
දියතලාවේ අක්කර 75 ක භූමි ප්‍රදේශයක පිහිටි ජාතික මිනුම් හා සිතියම් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනය ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ජාතික මිනුම් දිනය සමරන ලබන මාර්තු මස 21 වැනිදා වනවිට දියතලාව ජාතික ඉඩම් කළමනාකරණ හා තාක්ෂණ විශ්ව විද්‍යාලය වශයෙන් එම ආයතනය උසස් කරන බව උසස් අධ්‍යාපන තාක්ෂණ නවෝත්පාදන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
නව විශ්ව විද්‍යාලය සඳහා දේශන ශාලා , නේවාසිකාගාර , පරිගණක විද්‍යාගාර , ක්‍රීඩා පිටි , ආපන ශාලා ආදී පහසුකම් අලුතින් ඇති කරන බවද ඒ මහතා සඳහන් කළේය.
මිනින්දෝරු දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන මෙම ආයතනය මගින් මිනින්දෝරුකරණය පිළිබඳ ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා පිරිනමන අතර වෙනත් විෂයධාරා හදාරන සිසුන්ට ද ඇතුළත් විය හැකිවන සේ මෙම ආයතනය විශ්ව විද්‍යාලයක් බවට පත්කරන බවද ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
තමාත් ඉඩම් සංවර්ධන රාජ්‍ය ඇමැති එස්.බී දිසානායක , උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක , මිනුම්පති එස්.එම්.පී.පී සංගක්කාර යන මහත්වරුන් ඇතුළු පිරිසකුත් ඊයේ (04) දියතලාවට ගොස් එම ස්ථානය පරික්ෂා කළ බවද ඔහු සඳහන් කළේය.
ඒ අනුව දියතලාව ජාතික මිනුම් හා සිතියම් පිළිබඳ උසස් අධ්‍යාපන ආයතනය , ජාතික ඉඩම් කළමනාකරණ හා තාක්ෂණ විශ්ව විද්‍යාලය වශයෙන් උසස් කිරිම සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ හා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උසස් අධ්‍යාපන ඇමතිතුමත් ඉඩම් රාජ්‍ය ඇමැතිතුමාත් ගත්ත තීරණය ඉතාම හොඳ නියම තීරණයක්. ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට හා මැනුම් හා සිතියම් ගතකිරීමේ ආයතනයට මගේ හදවතින්ම සුබ පැතුම්...
සේලයින් දෙන්න ඕනේ ලෙඩාට ඉන්ජෙක්ෂන් දෙන්නද තියෙන්නේ? කරුණාකර මිනිස්සුන්ට කන්න දීලා මේවා කරපල්ලා. ඉඩම් මනින්න මිනිස්සු කාලා බීලා ඉන්න ඕනේ ඉස්සෙල්ලම. මෙයාගේ සේරම තියෙන්නේ බොරු සෝභන...
වෙනත් පාඨමාලා නොවෙයි. මිනුම් හා සිතියම් තාක්ෂණය සඳහා පමණක් සීමාවූ විශ්වවිද්‍යාලයක් කළාම හොඳටම ඇති. විදෙස් සිසුනුත් ගෙන්වාගන්න පුළුවන් මේ විශිෂ්ට පරිසර පද්ධතිය නිසාම...
විශ්ව විද්‍යාලයක් කිරීම ගැන අපේ සුබපැතුම්...!!! නමුත් අර සුදු මහත්වරුන්ගේ කාලයේ සිට පැවතෙන පැරණි ටකරන් ගොඩනැගිලි ටික කඩා දමන්න එපා. ඒ කාලයේ සිට පැවැති විනය සහ සිරිත් විරිත් නැති කරන්න එපා. අපේ පළවෙනි දෙවැනි සර්වේ ජනරාල්වරුත් ඒ සුදු මහත්වරු ඒ නිසා ඒ ඩිසිප්ලින් එක තිබුණා. රටේ හැම පළාත්වලින් පැමිණි විවිධ හැදියාවන් තිබුණු ළමයින් එකම විනයකට ඇතුලත් කර එළියට දැම්මා. ඒ කාලේ කලබ් හවුස් එකට සෙරප්පු දාගෙන එන්න තහනම්. ටෙනිස් ගහනවා දැකලා නොතිබ්බ ළමයින්ව ටෙනිස් ගහන්න පුරුදුකළා. එහිදී පුරුදු කළ විනය බලපත්‍ර ලබා වෘත්තියේ යෙදෙන මිනින්දෝරු මහතුන් ළඟ තවම තිබෙනවා. හැබැයි දැන් ආයතනයෙන් එළියට එන අය ළඟ ඒ ගතිගුණ පිරිහිලා ගිහින්.
මගේ උණුසුම් සුබපැතුම්... 1 - 1968
"සේලයින් දෙන්න ඕනේ ලෙඩාට ඉන්ජෙක්ෂන් දෙන්නද තියෙන්නේ?" ගොබ්බ කතා ඇසුවා. එ්ත් මෙහෙම ගොබ්බ කතාවක් මම ජීවිතේටම අහලා නැත. යකෝ... එ්ක තීරණය කරන්නේ දොස්තර මිසක් ලෙඩා නොවෙයි බොල. ලෙඩාට තිබෙන්නේ සේලයින් දුන්නත්, ඉන්ජෙක්ෂන් දුන්නත් අත දික්කරගෙන ඉන්න.