(නිමන්ති රණසිංහ)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් යු.කේ. පැල්ලපොල මහතා අද (05) නියෝග කළේය.
ලක්ෂ පහක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණු මන්ත්‍රීවරයාට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබේ.
බලපත්‍ර නොමැතිව පිස්තෝලයක ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවසේදී ඊයේ (04) ඔහුව අත්අඩංගුවට ගැනිණි.
(ඡායාරූප - චතුර.එස් කොඩිකාර)









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මම සැනකින් නිවුස් බලබලා හිටියේ රන්ජන් ඔබ ඇපේ අරගෙන එනකම්... ජේසු පිහිටයි! සත්‍ය කවදා හෝ ජයගනී. මිලසූත්‍රයත් ඔන්න ජය අරගෙන මංගල මන්ත්‍රීතුමාගේ...
තුනායි...!!! ඊළඟට කවුද ඉන්නේ? හැබැයි මේ ඔක්කෝටම කලින් රනිල්ව දාන්න ඕනේ..
ජනාධිපතිතුමනි, පාර්ලිමන්ට් ජෝක් ඔබතුමාගෙන් බලා පොරොත්තුවෙන්නේ නැහැ. චැනල් කාරයින්ට වුවමනා විදියට රට කරන්න ගියොත් නාගන්නවා ශුවර්...
මම දේශපාලුවන්ට සුබ පතන්නේ නෑ. ඒත් ඔබට සුබ පතනවා. ඒ මොකද අමුම අමු පළිගැනීමකට ඔබ ලක්වූ බව පැහැදිලි නිසා... ඔබ ත්‍රිවීල් කාරයෙක් වුණා නම් ඔබේ ත්‍රී වීලරයේ තිබී කුඩු පැකට් එකක් අහුවෙන්න තිබුණා. මන්ත්‍රී කෙනෙක් නිසා පිස්තෝලයක් අහුවුණා. මේ ආණ්ඩුවත් නීතිය රජකරවන්නේ කටින් පමණක් බව නම් දැන් දැන් ඔප්පු වෙමින් යනවා.
රන්ජන් මන්ත්‍රීතුමනි ඔබට ජය... ඔව් ඔව්, තව එක්කෙනෙක් දෙන්නෙක් ගන්න කොට ඔන්න එම්.සී.සී. එකත් අත්සන් කළා කියාවි. හැට නව ලක්ෂයට ජය පිට ජය එතකොටයි.
ඉදිරි මහමැතිවරණයට රන්ජන් වැඩිපුර වෙහෙස විය යුතු නැහැ... දැනටමත් ජයග්‍රහණය තහවුරු වෙලා ඉවරයි. රන්ජන්ට තියෙන ජොලිය එයයි...
මේවා 69 ලක්ෂය සතුටු කරන වැඩ...
දහපාරක් හිරේ යන්න ඕන හොරුන්ට ඇමතිකම් දෙනවා. ඇත්ත කතාකරන මිනිස්සුන්ව හිරේදානවා. කෙනෙක් කියන්න පුළුවන්.., විශේෂයෙන් වහල්ලු කියයි නීතිය කාටත් එකයි කියලා. ඉතින් එහෙනම් කෝ බැංකු හොරු... මීටකලින් නඩු ඉවර කරන්න ඕනෑ අය කොච්චර ඉන්නවද? ඇයි, මහබැංකු වෝහාරික විගණන වාරතා එළියට දානේ නැත්තේ? මේ ආණ්ඩුවේ ලොක්කොත් ඉන්නවා ඒකේ... ඒකයි හේතුව.. පාඨලීට කළෙත්, රාජිතට කලෙත් මේකමයි කියලා මං කලින් නොහිතුවත් දැන් හිතෙනවා.
යකඩෝ, කිරිබත ඉදෙන්න කළින් එලියේ තියන්නකෝ... පව් 69.... එහෙම කරන්න එපා නඩුකාරතුමනි, පව් එයාලා..
මාර ප්‍රතිචාරනේ තියෙන්නේ... ඔය කව්රුහරි කියන්නකෝ මන්ත්‍රිතුමා පිස්තෝලය ලඟ තබාගත්තේ කපුටන් මරන්නද කියලා...
රන්ජන් මචං, ලක්ෂ 10ක් වුණත් අැප තියන්න අපි මෙහෙ ඉන්නවා. ජේසු පිහිටයි මචං ....
හතරවෙනි නාට්‍යයේ පළමු කොටස මතුසම්බන්ධයි. පිටපත නම් අවුල් හොඳේ. කොලොන්නාවේ නාට්‍යයත් පෙන්නන්න යනවා කියලා ආරංචියි. මේ යන විදියට ගියොත් මිනිස්සු කියයි සිරිසේන ගියා නන්දසේන ආවා කියලා. ගරුත්වය රැකගන්න ජනාධිපතිතුමනි. මේ වගේ විකට නාට්‍යය වලින් ඔබේ ප්‍රතිරූපය තමයි වැනසෙන්නේ. මතකයිනේ සිරිසේන ආපු මුල් කාලේ වීරයා වුණා... අන්තිමට මොකද වුනේ..? රටේ ආර්ථිකය ගැන කටයුතු කරන්න මේ විකාර නැතුව..
කවදත් සත්‍ය ඇත්ත කතාකරන පාර්ලිමේන්තුවේ සිටින එකම ජනතා නියෝජිතයා තවත් ශක්තිමත් වුණු එකයි මේකෙන් සිද්ද වුනේ...
පල්ලේපොල විනිසුරු රියදුරු බලපත්‍රය අලුත් කරේ නැති අයටත් විදේශ ගමන් තහනම්ද?
වීඩියෝ ගැන බොරු ප්‍රචාරය කරන තුට්ටු දෙකේ ජනමාධ්‍ය උඩ බලන් කෙල ගහනවා. මේ සිද්ධිය ලොක්කෙකුගේ පුතෙක් කළ විදේශ විනිමය වංචා චෝදනාවක් ගැන රන්ජන් කතා කිරීම නිසා ගත් පළිගැනීමක් කියලා අාරංචියි.
ජනතාවට ඇපත් නෑ, අනේ මෙහෙමත් රටක්...
පිස්තෝලයට අලුත් බලපත්‍රයක් නැති එක්කෙනාව ගෙදර වට කරලා අරන් ගියාට, පාස් පෝට් දෙකක් තියා ගත්තු එකාට ඇමැති කමුත් දීලා. විද්වත් පිරිස කොහෙද ඉන්නේ? අපි හිතුවේ ධර්මාශෝක කෙනෙක් පහළ වෙයි කියලා. පහුගිය දවස්වල හාමුදුරු කෙනෙක් කීවා නේද ධර්මාශෝක කෙනෙක් ගැන.. තව එක්කෙනෙක් කීවා හිට්ලර් කෙනෙක් ගැන... මක්කයිද අපිට වෙන්න යන්නේ... මහ ඡන්දෙදී කාටද මේ රට පිළිවෙලක් කරන්න කවුරුද පාර්ලිමේන්තුවට යවන්නේ?
මහබැංකු වංචාව ගැන පැය 24න් පියවර ගන්නවා කියලා ඡන්දෙදී බෙරිහන් දීලා, පොරොන්දු දීලා බලයට ඇවිත් අද මේ කරන්නේ දේශපාලන දඩයම්.. රාජ්‍ය මර්ධනය.. මේවාගෙන් මේ ආණ්ඩුව පහතට වැටෙන්න පටන් අරගෙන. ලොකු වැරැදි වෙනුවට රථවාහන නඩු සුළු වැරැදි පේන්නේ. මහබැංකුව සම්බන්ධ වෝහාරික විගණන වාර්තාව කෝ? මේවා තමයි දේශපාලන ඩීල්... හොරු රකිනවා වගේම තමන්ගේ හොරකම් ඒ වාර්තාවෙන්ම එළිවෙනවා.
මේ ආණ්ඩුව යටතේ අධිකරණය කිසිම ඇඟිලි ගැසීමකින් තොරව කටයුතු කරන බව තේරෙනවා. පසුගිය රජය යටතේ නඩු ගොනු කලේ අරලියගහ මැදුරේ අනුරත් එක්ක. අත්අඩංගුවට ගන්නා අය තීරණය කළේ ඒ අය. මේ පෝස්ට් දාන අයට ඇවැසිනම් පසුගිය කාලෙවගේ මාස 3-4කට එහෙමත් නැත්නම් අවුරුදු 2-3 කට මේ අය සිරගෙට යවන්න පුළුවන්. නමුත් ජනපති සහ අගමැති ඒ කාර්ය දැන් බාරදී ඇත්තේ පොලිසියට... පොලිසිය අවැසි වෙලාවට නඩු මාර්ගයට ගොස්, ගමන් බලපත් තමා බාරයට ගෙන, සියල්ල ඇප මත තබා පසුව එකින් එක විභාගයට ගනීවි. අපි ටිකක් ඉවසමු..!.
පිටපත වියත්මගේ බන්දු සමරසිංහගෙන්. අත්අඩංගුවට ගැනීම රස ආකරයක්... සිනා සාගරයක්..
මේ ආණ්ඩුවට කිසිදෙයක් මොලේ පාවිච්චි කරලා කරන්න බෑ. පහුගිය ආණ්ඩුව කරපු දේවල් තාම කරගෙන යන්නේ. දැන් කියනවා මංගලගේ මිල සුත්‍රය හොඳයිලු... එ්ක දිගටම පාවිච්චි කරනවලු. පහුගිය කාලේ කොහොමද උඩ පැන්නේ එ්කට විරුද්ධව...
සිරිසේන ගියා... නන්දසේන ආවා..!
හඬපටවල තියන දේවල් එළියට ආපුවාම බලමු අදහස් දාන අය මොකද කියන්නේ කියලා...
අැත්තටම මට හරි දුකක් ඇති වුණා... රන්ජන්ව රිමාන්ඩ් කරා කීවාම, ඒ ඔහු මන්ත්‍රී කෙනෙක් හෝ නළුවෙකු නිසා නොව.., ඔහුගේ ක්‍රියාකාරිකම් නිසා. නිදහස් කළාම හිතට සැනසීමක් ඇතිවුණා.
බලාගෙන ගියාම මහ බැංකුව මංකොල්ල කනවාට වඩා දරුණුයි බලපත්‍ර නැති පිස්තෝලයක් ළඟ තියාගෙන ඉන්න එක නේද? පුදුම රටක්...
ටිකක් කල් ගත වුණත් "පළවෙනි සේන රජු" ජෝකර් කෙනෙක් විය. රන්ජාගේ සිද්ධියෙන් පසු ඉන් ඉක්බිතිව, පැමිණි "දෙවෙනි සේන රජු" ජෝකර් කෙනෙක් වීම සුළු කලින්ම සිදු විය. ඒ රාජ්‍ය බලය ලැබී මසක් වැනි කාලයකින්ය. මෙසේ ලංකා ඉතිහාසය ලියැවනු ඇති. 69 ලක්ෂයට කාගේ පිළිසරණක්ද?
මේ සමහර කමෙන්ට්වලට දාන්න ලයික්, ඩිස්ලයික් ඇරෙන්න.., කින්ඩි හිනා කියලා බට්න් එකක් නැද්ද?
දහම්සිරි හෙට්ටිආරච්චි මහතා, හරි අපුරුයි. හරිම ලස්සනයි.