(නිමල කොඩිතුවක්කු)
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය නොලැබුනහොත් ඉදිරි මහමැතිවරණය සඳහා ඔහුගේ ප්‍රධානත්වයෙන් නව සන්ධානයක් ගොඩ නගන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ලංකාදීපයට අද (05) පැවැසීය.
මෙම නව සන්ධානය සඳහා සහයෝගය ලබාදෙන බවට එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයෝ එකඟතාවය පළ කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම සම්බන්ධයෙන් පසුගිය (03) වැනිදා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඒ මහතාගේ නිවසේදී පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ බවත් ඒ මහතා පැවැසීය.
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් , උප නායක රවී කරුණානායක තලතා අතුකෝරල , මලික් සමරවික්‍රම , රංජිත් මද්දුමබණ්ඩාර සහ කබීර් හෂීම් යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවට පෙර එක්සත් ජාතික පෙරමුණේ නායකයන්ගේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඒ සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස , පක්ෂ නායකයින් වන පාඨලී චම්පික රණවක , මනෝ ගනේෂන් , පී. දිගම්බරම් , රවුෆ් හකීම් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.
මෙම සාකච්ඡාවලට පෙර එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් පස්වරු 5.00 ට පමණ මලික් සමරවික්‍රම මහතාගේ නිවසේ රැස්ව තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 ස් දෙනෙකු පමණ මේ සඳහා එක්ව සිටි බවත් සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය නොලැබෙන්නේ නම් වෙනම තරග කළ යුතු බව ඔවුන් සියලු දෙනාගේ ඒකමතික තිරණය වූ බවත් රංජිත් මද්දුමබන්ඩාර මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජාලියා පක්ෂය වගේ වේවි..!!!
එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රබල දේශපාලන පක්ෂයක නායකත්වය ලබාදීමට සජිත් ප්‍රේමදාස පක්ෂය වෙනුවෙන් කර ඇති සේවය සහ කැපවීම් මොනවද? ඔහුගේ දක්ෂතාවයන් සහ හැකියාවන් මොනවාද? දේශපාලනයට පැමිණි වසර 25ම තම ආසනය පරාද වී ඇති පරිපාලනය පිළිබඳ කිසියම් වූ අවබෝධයක් නොමැති පොරොන්දු දේශපාලනය කරපින්නාගෙන යන සිල්ලර දේශපාලනය නොකරන සජිත්ට වඩා උගත්, බුද්ධිමත් නවක චරිතවලට අද එක්සත් ජාතික පක්ෂය සහ නායකත්වය විවෘත විය යුතුයි. අද ගමේ පාක්ෂිකයා කියන්නේ සජිත් දේශපාලනය දන්නා නමුත් පරිපාලනය පිළිබඳ කිසිදු අවබෝදයක් නොමැති බවයි. සන්ධානයකින් මැතිවරණයට යාමට ඔහුට කිසිවකු බාධා නොකරනු ඇත. සංධානයකින් මැතිවරණයට හෝ වෙනත් ඕනෑම විකල්පයකින් මැතිවරණයට යාමට ඔහුට හැකියාව තිබේ. නායකයකු සතු කිසියම් වූ පරිණත භාවයක් හෝ ප්‍රතිපත්ති ගරුකබව පෙන්නුම් කර හෝ සජිත් සතුව නොමැත. ඔහු සතුව ඇත්තේ හිස්බව සහ අනවශ්‍ය සරල බවයි. ඔහුගේ පරාජයට හේතුව කළ නොහැකි පොරොන්දු ලබාදීම සහ යමක් විශ්ලේෂණය කිරීමට ඔහුගේ නොහැකියාව බව දන්නෝ දනිති.
තමන්ගේ ආසනය දිනාගන්න බැරි අය මේ කරන්නේ මොනවද?
රංජිත් මද්දුම බණ්ඩාරලා, ප්‍රේමදාස පස්සේ ගිහින් තැනක් හදාගත්තට මේ රටේ මිනිස්සුන්ට තවම ඔලුවක් තියෙනවා. රනිල් කොහෙවත් යන්නේ නැහැ. යන්න අපි දෙන්නෙත් නෑ දැන්ම. ඉතින් ඔයාලා යන්නකෝ... ගිහින් කරලා බලන්නකෝ.... අපි දැක්කනේ ජනාධිපතිවරණයේදී ඇන ගත්ත එක අනාගත්ත හැටි....
මේ තියෙන්නේ "රෝයල් කල්ලිය" සහ එසේ නොවන පිරිස අතර අරගලය නේද? බලයේ ඉන්දැද්දී රටේම ප්‍රසිද්ධ වූ හොර, මැරකම් වලට රෝයල් කණ්ඩායම වගකිවයුතු බවට රටේ පවතින මතය අනික් කණ්ඩායමට ලොකු වාසියක්.. ඒ හින්දා අවසාන වශයෙන් රෝයල් කණ්ඩායම පරදින බවට අනාවැකි කියන්න පුළුවන් දැන්...
ඉක්මනට පටන්ගන්න. වැඩි කාලයක් නැ. හොරු නැතිව එන්න ඕනෑ...
පොහොට්ටුවට තියෙනවා ලොකු අතීතයක් වගේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගොඩනගාගත්ත ඉතා ලොකු ඉතිහාසයක් එක්ක වසර 30ක පැවති සිවිල් අරගලය නිමා කරමින් විශාල කීර්තියක් රටතුළ මාධ්‍ය තුළින් නිර්මාණය කළා. ඒවගේම විශාල වශයෙන් රජයේ සේවය සඳහා රැකියා ලබාදුන්නා (ලක්ෂ 10 ඉක්මවා) මහා පරිමාණ වියාපාරිකයන් ඇතිකළා. ධනය රැස්කළා. හිතවතුන්, පාක්ෂිකයින් ශක්තිමත් කළා එ් තුළින් පොහොට්ටුවට ඡන්ද එකතුකරගත්තා... නමුත් සජිත් ඇතුළු කණ්ඩායම නව පක්ෂයක් හැදුවොත්... යූ.එන්.පී. ය දෙකට තුනට වෙනවා සියට 55ක් සජිත්ට යයි සියට 30ක් රනිල්ට යයි. ඉතිරි සියයට 15 වෙන වෙන පක්ෂවලට යයි. අවසානයේ වෙන්න ඕකයි.. එම නිසා සාකච්ඡාවෙන්, සමගියෙන් එකමුතුව දෙගොල්ලන්ම ඉවසීමෙන් සිහි බුද්ධියෙන් ඉදිරියට කටයුතු කිරීමයි මගේ යෝජනාව..!!!
සමන්ත ඔයා හරි. රනිල් මැතිතුමා ජනාධිපතිවරණයේදී මහලොකු සිංහල බෞද්ධයින්ට දකුණ දිනාගන්න දීලා උතුරේ සහ නැගෙනහිර ඡන්ද එතුමා බලා ගන්නම් කිව්වා මතකයිද? එතුමාගේ වැඩේ හරියටම කළා. මහලොකු සිංහල බෞද්ධයින්ට දකුණ දිනාගන්න මොනවද කලේ? තමුන්ගේ ඇඟේ ශක්තිය පෙන්නුවා. තාත්තගේ ජාන ගැන කතා කළා. යහපාලනයේ අඩුම තරමේ කතා කිරීමේ නිදහස, තොරතුරු ලබාගන්න පුළුවන් එක ගැනවත් කතා කළාද? නැහැ නේද? මේ අයට පුලුවන්ද රටක් කරන්න. රංජිත් මද්දුම බණ්ඩාර හරියට පොලිසියේ කටයුතුවත් කළාද? රාජාලියාගෙන් ගිය කට්ටියට වුණු දේ මතකයිනේ. යූඑන්පී පතාක යෝධයින් ඒ ගිය අය. මේ යන්න ඉන්න අය කවුද හිවල්ලු. දැන් "රෝයල් කල්ලිය" කියලා එකක් නැහැ. සජිත්, මලික්ලා සේරම ඉන්නේ එහේ... රනිල් මැතිතුමා යූඑන්පී පතාක යෝධයන් ගත්ත පිල නොගෙන එදා තාත්තගේ පිල ආරක්ෂා කළ නිසාද මෙහෙම ගරහන්නේ. නායකතුමාගේ අදහස් පිළිගන්න බැරිනම් පලයව්...! රනිල් මැතිතුමා උතුර සහ නැගෙනහිර පැරදුණා නම් වැඩේ බලා ගන්න තිබුණා. හැම අතින්ම අඩුපාඩු තිබෙන අයට වෙන පක්ෂයකට යන්න වෙයි.
සජිතුත් රෝයල් තම... ඒත් වැදගත් දේ තමයි දිගටම පරාජිත වියපත් නායකත්වයකින් පක්ෂයක් ඉදිරියට ගෙනියන්න බැහැ කියලා තේරුම් ගැනීම...
"එක්සත් ජාතික පක්ෂය වැනි ප්‍රබල දේශපාලන පක්ෂයක" මොන ප්‍රබල කමක්ද හලෝ...? ඡන්දයකට තනිවම ඉදිරිපත් වෙලා ජයග්‍රහණය බැහැ නේද? ඉතින් තිබෙන ප්රබලකම මොකක්ද?
ලලිත්, උතුරු ඇමෙරිකාව (යූ.එස්.ඒ) දූපතක්ද? රජ කරන්නේ අවුරුදු 52ක නායකයෙක්ද? රුසියාව, ඉන්දියාව, ජපානය, මැලේසියාව වර්තමානයේ නායකයින් ගැන හිතලා කතා කරන්න සහෝදරයා. මුලාවෙන් මත් නොවන්න...
බමුණා අන්කල් වගේ නාකි අයටත් පෙන්ෂන් යන්න කාලෙ හරි. මෝඩ එ්කාකාරි කතා අහලා දැන් අපිට අැතිවෙලා...
රනිල් පිලේ හොරු බුද්ධාගම් විරෝධී දේශ ද්‍රෝහී ටික නැතුව ආවනම් රනිල් පරද්දන්න පුළුවන්. මහ බැංකු හොරු රනිල් පිලේ ඉන්න කියලා වෙන සන්ධානයක් හදාගන්න එක හොද වැඩක්.
ත්‍රීවීලර් කාරයෙක් කොළඹ නගරාධිපති වුණු රටක. සජිත් එජාපෙ නායකයා වුනොත් පුදුමයක් නොවෙයි. අපිට එ්ත් එතන වැඩිකල් නොඉන්න බව නම් හොඳටම ෂුවර්. අන්තිමට වෙන්නේ රනිල් වික්රමසිංහත් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලීමයි.