ප්‍රතිජීවක ඖෂධ නොගැනීම නිසා රත්නපුරේ මී උණ ව්‍යාප්තවෙලා
කොරෝනා වයිරසය ව්‍යාප්ත වූ මුල් කාලයේ, මී උණ සඳහා වන ප්‍රතිජීවක ඖෂධ නොගෙන පුරන් කුඹුරු අස්වැද්දීමට ජනතාව වැඩි පිරිසක් යොමු වීම හේතුවෙන්, රත්නපුර දිස්ත්‍රික්කයට මී උණ රෝගය විශාල බලපෑමක් කරමින් පවතින බව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පැවසීය.