
(අජන්ත කුමාර අගලකඩ)
විදේශ තානාපති කාර්යාලවලට විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පසුගිය ආණ්ඩුව සමයේ පත්කර යවා ඇති කම්කරු සුබ සාධක නිලධාරීන් 120 දෙනෙකු වහාම ගෙන්වීමට රජයේ අවධානය යොමු වී ඇත.
මේ අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය පුනරාවර්තන වියදම් වෙන් කිරීමේ වැඩපිළිවෙළක්ද කියාවට නැංවීමට කම්කරු අමාත්‍යාංශයෙන් සැලසුම් කර ඇතැයි වාර්තා වේ.
කුලී ගොඩනැගිලිවල පවත්වාගෙන යන සේවක පුහුණු මධ්‍යස්ථාන කිහිපයක් තවකාලිකව වසා දැමීමට ද ඒ අනුව තීරණය කර ඇතැයි දැන ගන්නට ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් පවත්වාගෙන යනු ලබන සේවක පුහුණු මධ්‍යස්ථානවලින් 10 ක් පමණ පවත්වාගෙන යන්නේ කුලියට ගත් ගොඩනැගිලිවල බවත් ඒ සඳහා මසකට රුපියල් ලක්ෂ 30 ක පමණ මුදලක් වැයවන බවත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහරේන් තානාපති කාර්යාලයේ ඉන්නේ වැඩක් නැති අය ඉක්මනටම ගෙන්නගන්න.
ඔව් ඔව් වහාම ගෙන්වාගන්න.
කටාර් තානාපති කාර්යාලයේ ඕනෑවටත් වඩා ඉන්නවා නිලධාරීන්. වැඩක් කරගන්න ගියාම කවුරුත් නැහැ.
සෞදි එම්බසි එකේ ඉන්නේ මෙලෝ වැඩක් කරන්න තේරෙන්නේ නැති කට්ටියක්.. වහාම ගෙන්න ගන්න.
මේ ගොල්ලන් ගෙන්නා ගත්තේ නැතිනම් අපේ අයව යවන්නේ කොහේටද?
අනේ ඉතාලියේ ඉන්න ටිකත් ගෙන්න ගන්න මෙයාලා. මෙලෝ රහක් නැහැ...