කළු ගඟේ ජල මට්ටම ඉහළ නගී රත්නපුර දිස්ත්‍රික්කයට අද (18) උදෑසන සිට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කළු ගඟේ සහ කළු ගඟේ අතු ගංඟාවල ජල මට්ටම ඉහළ ගොස් ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි. 18 September 2020
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට යයි කැබිනට් මණ්ඩල අනුමැතිය ද ඇතිව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පමණ ආනයනය කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 18 September 2020
‘ගොටුකොළ රිෆායි’ රිමාන්ඩ් බණ්ඩාරගම අටලුගම දී බණ්ඩාරගම පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී පලා ගොස් සැඟවී සිටියදී බණ්ඩාරවෙළ දී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන ’’ ගොටුකොළ රිෆායි’’ නැමැත්තා බණ්ඩාරවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 24 වැනිදා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් කීර්ති කුඹුරුහේන මහතා නියෝග කළේය. 18 September 2020
හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් එහි ගමනාගමනයට අද (18) පැයක කාලයක් බාධා එල්ල වූ බව ගිනිගත්හේන පොලිසිය කියයි. 18 September 2020
ගෝඨාට විරුද්ධව සාක්ෂි දෙනවානම් වරප්‍රසාද දෙන්න ශානි පොරොන්දු වුණා මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට එවකට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නියෝග කළ බව පවසන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා තමාට තර්ජනය කළ බව යුද හමුදා බුද්ධි බළකායේ බලයලත් නිලධාරී අයියසාමි බාලසුබ්රමනියම් මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද සාක්ෂි දෙමින් (18) පැවසීය. 18 September 2020
හිටපු ජනාධිපති නොමඟ යවන්න ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොමඟ යවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරුවන් රඳවා තබා ගැනීමට ලිඛිත අවසර ලබාගෙන ඇති බව දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අද (18) සඳහන් කළේය. 18 September 2020
කළුදිය පොකුණ මහනුවර උසස් බාලිකාවට පවරයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් සිදු කෙරෙන 2020 පුරාවිද්‍යා වැඩසටහන යටතේ ’’උරුමය තනි නොකරමු ’’යන්න වැඩසටහනට සමගාමීව දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා ස්මාරකය භූමිය හෙවත් දක්ඛිණගිරි විහාර පුරාවිද්‍යා භූමිය මහනුවර උසස් බාලිකා විද්‍යාලයට පවරා දීමේ වැඩසටහන අද (18) දඹුල්ල කළුදිය පොකුණ පුරාවිද්‍යා භූමියේ දී සිදු කෙරිණි . 18 September 2020
‘කඩදාසි මිල අඩු කරන්න පියවර ගන්නවා’ අදාළ බලධාරීන් සමඟ සාකච්ඡා කර කඩදාසි මිල අඩු කිරීමට පියවර ගන්නා බව ජාතික උරුම, ප්රසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා කොළඹ දී අද (18) පැවැසීය. 18 September 2020
17 ක් ගෙදර ගියත් තවම 220 ක් රෝහල්වල කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතයට අදාළ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය නිකුත් කළ නවතම වාර්තාව අනුව, කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 17දෙනෙකු සුවය ලබා අද(18) පිටව ගොස් ඇත. 18 September 2020
සූර් වී 25,000 ක් දඩ කාලා ආපසු යද්දීත් බීලා මාට්ටු බීමත්ව රිය පැදවීමේ වරදකට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් පෙරේදා (16) වරදකරු කළ වෙළෙඳ ව්‍යාපාරිකයකු උදේ 11.30 ට පමණ රුපියල් 25,000 ක දඩ මුදල ගෙවා අධිකරණ භූමියෙන් පිටතට ගොස් මත්පැන් පානය කර නැවත රිය පැදවීමේ වරදට එදිනම ප.ව. 2.00 ට පමණ අත්අඩංගුවට ගත් බව මාවනැල්ල පොලිසිය කියයි. 18 September 2020
දින තුනක් බෙංගාල බොක්කේ ධීවර කටයුතු එපා ඊසාන දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ අඩු පීඩන කලාපයක් වර්ධනය වීමේ හැකියාවක් ඇති නිසා එම මුහුදු කලාපයේ හෙට (19) සිට 22 වැනිදා දක්වා මුහුදුයාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කර තිබේ. 18 September 2020
ආනවිලුන්දාව ඩෝසර් කළ අයට ඇප ඉස්සන් කොටු සෑදීම සඳහා ආනවිලුන්දාව අභය භූමිය ඩෝසර් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝගය අනුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 100ක බැගින් වූ ශරීර ඇප මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය. 18 September 2020
පොලීසියට පහරදීමේ සිද්ධියේ තවත් සිව් දෙනකු රිමාන්ඩ් බණ්ඩාරගම අටුළුගම ප්‍රදේශයේ දි පොලිසියට පහර දිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිව් දෙනෙකු 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (18) දා නියෝගකළේය. 18 September 2020
මරාගෙන මැරුණු ඊබ්රාහිම්ගේ ඉඩම හොර ඔප්පුවකින් ලියාගත් 5දෙනා රිමාන්ඩ් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේදී මරාගෙන මැරුණු මොහොමඩ් ඉබ්රාහිම් ඉන්සාෆ් අහමඩ් නමැත්තාට අයත් කොල්ලුපිටියේ පිහිටි රුපියල් කෝටි 18ක් වටිනා නිවසක් ව්‍යාජ ඔප්පු සකසා පවරාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නීතිඥවරයකු සහ කෝටිපති ව්‍යාපාරිකයකු ඇතුළු පස් දෙනකු ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ (17) නියෝග කළේය. 18 September 2020
විද්‍යා දැරිය මැරූ ශෂිකුමාර් - විජයකලා මහේෂ්වරන් අතර සම්බන්ධයක් තිබුණා යාපනය විද්‍යා දැරිය ඝාතනය කළ මහලිංගම් ශෂිකුමාර් සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය අතර කිට්ටු සම්බන්ධාවයක් තිබූ බව චුන්නාකම් පොලිසියේ හිටපු කොස්තාපල්වරයකු වූ දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඥානලිංගම් මයුරන් මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (17) පැවසීය. 18 September 2020
පාස්කු දා ප්‍රහාරයට පෙර පල්ලි යද්දී දුරකතනය වාහනයේ අසුන යට තැබුවා “පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර දිනයේ පල්ලි යද්දි දුරකතනය නාදවීම අක්‍රිය කරලා (Silent Mode) මෝටර් රථයේ අසුන යට තැබුවා. පාස්කු දිනයේ ප්‍රහාරයෙන් පසු දුරකතනය අතට ගන්නා තුරු එයට ඇමතුම් ලැබී තිබු බව මම දැක්කේ නැහැ” යැයි හිටපු ජාතික බුද්ධි ප්‍රධානි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (17) පැවසීය. 18 September 2020
පරිසරය වනසා රට අගාධයට ගෙන යන්නෝ ගම්පහ මහ නගර සභා සීමාවට අයත් බදුවතුගොඩ ප්‍රදේශයේ අන්නාසි වත්තකට ගලි බවුසර්වලින් මළ අපද්‍රව්‍ය බැහැර කිරීමක් සිදු කෙරෙන බවත් මේ නිසා ළිං ජලය පවා අපවිත්‍ර වන තත්ත්වයක් පවතින බැවින් මීට විසඳුමක් අවශ්‍ය බව ගම්පහ මහ නගර සභාවේ මෙවර මාසික රැස්වීමේදී එහි ස්වාධීන මන්ත්‍රී සිරිනාථ කුරුප්පු මහතා ප්‍රකාශ කළ බව සඳහන් පුවතක් අප පුවත්පත ඉකුත්දා වාර්තා කළේය. 18 September 2020
නවක මන්ත්‍රීන් 79 ට මුලින්ම කාර් පර්මිට් පාර්ලිමේන්තුවට අලුතින් තේරීපත්වුණු මන්ත්‍රීවරුන් හැත්තෑ නව දෙනාට තීරුබදු රහිත වාහන බලපත්‍රය මුලින්ම ලබාදීමට අදහස් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවැසේ. 18 September 2020
පාස්කු ඉරිදා ප්‍රහාරයේ රහස් තොරතුරු හරීන්ගෙන් කොමිසමට මෙම ප්‍රහාරය ගැන පියාට තොරතුරක් ලැබී තිබූ බව තම වැඩිමහල් සහෝදරිය පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව තමාට දුරකථන ඇමතුමක් දී දැනුම් දුන් බවත් ඇයට පල්ලි නොයන ලෙස පියා අවවාද කර ඇති බවත් හිටපු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (16) ප්‍රකාශ කළේය. 18 September 2020
හලාවතිනුත් ලක්ෂ 40 ක කහ තොගයක් අල්ලයි හලාවත මෝය හරහා ගොඩබිමට රැගෙන එමින් සිටි රුපියල් ලක්ෂ 40 ක වටිනාකමින් යුත් කහ කිලෝ 1000 කට ආසන්න ප්‍රමාණයක් හලාවත ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුවේ හලාවත පිරික්සුම් ඒකකයේ නිළධාරින් විසින් අද (18) අත්අඩංගුවට ගනු ලැබීය. 18 September 2020
බදුල්ල- බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ උඩුවර හයේ කණුව ප්‍රදේශයේ මාර්ගයට අද(18) විශාල ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය. 18 September 2020
’ගොටුකොළ රිෆායි’ ගංජා සමග අත්අඩංගුවට බණ්ඩාරගම අටුලුගම දී පොලිස් නිලධාරීන්ට පහරදී අත් මාංචු සමඟ පලාගිය ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන අබ්දුල් හරිෆ් මොහොමඩ් රිෆායි හෙවත් ’’ ගොටුකොළ රිෆායි ’’ නැමැත්තා බණ්ඩාරවෙල බස් නැවතුමේදී දී ගංජා සමග අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතා පැවසීය. 18 September 2020
කෝටියක කහ තොගයක් සමග 10 දෙනෙකු අත්අඩංගුවට වීදුරු ගෙන්වන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් කෝටියකට අධික කහ තොගයක් කන්ටේනර තුනක සඟවා මෙරටට රැගෙනවිත් කොළඹ බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වාහන අංගනයකදී වෙනත් ලොරි රථ වලට පටවමින් සිටි පුද්ගලයන් 10දෙනෙකු අද ( 18 )අලුයම අත්අඩංගුවට ගත් බව බ්ලූමැන්ඩල් පොලිසිය කියයි. 18 September 2020
විදෙස්ගතව පැමිණි තිදෙනෙක්ට කොරෝනා විදෙස්ගතව පැමිණි තිදෙනෙක් කොරෝනා ආසාදිතයින් ලෙස අද (17) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි. 17 September 2020
පාදාගොඩ ‘ආමි ශිවා‘ අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් නැමැත්තාගේ සමීපතම ගෝලයකු වූ පාදාගොඩ ‘ආමි ශිවා‘ නමින් හඳුන්වන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්වරයෙකු නීති විරෝධි ගිනි අවි , අත් බෝම්බ ඇතුලු උපකරණ සමඟ අද (17) අලුත්ගම පාදාගොඩදී අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 17 September 2020
රැකියාවලට සේවකයින් බඳවාගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට රැකියා සඳහා සේවකයින් බඳවා ගැනීමේ අවම වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 17 September 2020
මහර බන්ධනාගාරයේ නියාමක ඇතුළු 04 ක් රිමාන්ඩ් හෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින ‘ටගරා‘ සමඟ එක්ව හෙරොයින් ජාවාරම් කළැයි කියන මහර බන්ධනාගාර නියාමක ඇතුළු සැකකරුවන් 04 දෙනා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගම්පහ අතිරේක මහෙස්ත්‍රාත් ආර්.එස්.එම්.මහේන්ද්‍ර රාජා මහතා අද (17) නියම කළේය. 17 September 2020
විසිවැනි සංශෝධනයේ වගකීම ජනපති-කැබිනට් මණ්ඩලය බාරගන්නවා දැනට ගැසට් කරනු ලැබ ඇති 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සම්පූර්ණ වගකීම ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය විසින් භාරගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. 17 September 2020
ලක්ෂ 15 බිඩී සමඟ දෙදෙනෙක් අල්ලති බලපත්‍ර රහිතව ව්‍යාජ වෙළඳ නාමයක් යොදා ගෙන රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමින් යුත් බීඩි නිෂ්පාදනය කළ අයෙකු සහ ඒවා අලෙවි කිරීම සඳහා ළඟ තබාගත් ව්‍යාපාරිකයකු බීඩි 215,700 ක් සමඟ අද (17) අත්අඩංගුවට ගත් බව අකුරැස්ස පොලිසිය කියයි. 17 September 2020
බොරළු කොන්ත්‍රාත් ආරවුලක් දුරදිග යාමෙන් ව්‍යාපාරිකයකු කපා දමයි බොරළු ව්‍යාපාරයක් සම්බන්ධව ඇතිවූ ආරවුලකින් පසු බරපතල කැපුම් තුවාල ලැබූ තිදරු පියා අසාධ්‍යව කොළඹ ජාතික රෝහලට අද (17) ඇතුළත් කළ බව ආණමඩුව පොලිසිය කියයි. 17 September 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026