IMG-LOGO

17 ක් ගෙදර ගියත් තවම 220 ක් රෝහල්වල

කෝවිඩ්-19 ට එරෙහි ක්‍රියාන්විතයට අදාළ ශ්‍රී ලංකා නිල අන්තර්ජාල අඩවිය නිකුත් කළ නවතම වාර්තාව අනුව, කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 17දෙනෙකු සුවය ලබා අද(18) පිටව ගොස් ඇත.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 3060ක් වන නමුත්, ආසාදිතයෝ 220ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

සැප්තැම්බර් 1 වැනි දිනයේදී, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ගණන 201ක් වූ අතර, එදින සිට ප්‍රතිකාර ලබන ගණන ක්‍රමිකව පහළ බැස තිබිණි. 10 වැනිදා වන විට එම අගය 185ක් විය.  එසේවුවත්, සැප්තැම්බර් 11 සහ 12 යන දෙදින තුළ  ආසාදිතයන් 28දෙනෙකු හඳුනාගැනීමත් සමඟ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන  ඉහළ ගියේය.  ඒ අනුව, 12 වැනිදා වනවිට එම ගණන 200ක් විය. අද(18) දිනයේ දී එම අගය 220කි.

අද දිනයේ දී සුවය ලබා පිටව ගිය පිරිස අතර, ජාතික බෝවන රෝග විද්‍යායතනයෙන් තිදෙනෙක් ද, වැලිකන්ද මූලික රෝහලෙන් 11දෙනෙක් ද, ඉරණවිල රෝහලෙන් තිදෙනෙක් ද වෙති.

ඊයේ(17) දිනයේ දී ද සුවය ලැබූ ආසාදිතයෝ 22දෙනෙක් පිටව ගියහ. ඊයේ විදෙස්ගතව සිට පැමිණි තිදෙනෙකු ආසාදිතයන් බව හඳුනාගැනිණි.

අද උදෑසන 10.00 වනවිට රෝහල් ගතකර ඇති, කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් ගණන 28ක් බවද එම නිවේදනයේ දැක්වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ  සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 3276ක් වන අතර, 13දෙනෙකු මිය ගොසිනි.



අදහස් (1)

17 ක් ගෙදර ගියත් තවම 220 ක් රෝහල්වල

Bamunuarachchi Saturday, 19 September 2020 05:18 AM

ඒ 220 සනීපවෙලා ගෙදර ගියොත් ඉස්පිරිතාල වහන්න වේවි නේද? අපරාදේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site