කෘෂිකර්ම ඇමැතිගෙන් වී මෝල් හිමියන්ට චෝදනාවක් ඇතැම් මහා පරිමාණ මෝල්කරුවන් වී සඟවා රුපියල් බිලියන ගණන් ලාභ උපයන බවත් සහල් කිලෝවකින් රුපියල් විස්සකට වැඩි ලාභයක් ලබන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) හෙළි කළේය. 22 June 2021
කොරෝනා පාලනට කෝටි විසිදාහේ පරිපූරකය මැතිසබයට කොරෝනා පාලනය සහ රජයේ අනෙකුත් වියදම් සඳහා අමතර රුපියල් කෝටි විසි දාහක මුදලක් අනුමත කර ගැනීම සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් කළේය . 22 June 2021
කොවිඩ් පනත ගැන කතානායකගෙන් නිවේදනයක් කොවිඩ් 19 තාවකාලික විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබ ඇති පෙත්සමක පිටපතක් තමාට ලැබී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (22) දැනුම් දුන්නේය . 22 June 2021
කොළඹ සහ රත්නපුර තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්වල කොළොන්නාව සහ ගොඩකවෙල පොලිස් බලප්‍රදේශවල කොටවල සහ සේරපුර යන ග්‍රාමනිලධාරී වසම් දෙක අද (22) පෙරවරු 6.00 සිට හුදකලා කළ බව ‘කොවිඩ් 19’ පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 22 June 2021
උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි සමගි ජනබලවේගය ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව අද(22) පෙරවරුවෙහි කථානායකවරයාට භාර දෙනුු ලැබීය. 22 June 2021
‘‘රට කරන්න බැරිනම් කළ හැකි කණ්ඩායමකට දෙන්න‘‘ ජනතාව තව තවත් පීඩාවට පත් නොකර ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබා දීමට ආණ්ඩුව වහාම පියවර ගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. 22 June 2021
විපක්ෂ මන්ත්‍රීවරු රථ පෙලපාලියෙන් මැති සබයට ඉන්ධන මිල වැඩි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු විවිධ රථ පෙළපාලියකින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි පාර්ලිමේන්තු සංකීර්ණයට අද (22) පැමිණියහ. 22 June 2021
කටාරයේ ලාංකිකයින්ගෙන් තවත් ඔක්සිජින් සිලින්ඩර පරිත්‍යාගයක් කටාරයේ වෙසෙන ලාංකිකයින් හා එරට ව්‍යාපාරික ප්‍රජාව විසින් පරිත්‍යාග කළ තවත් ඔක්සිජන් සිලින්ඩර 125ක් සහ ඔක්සිජන් පාලක යන්ත්‍ර 10 ක් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කළ බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී. 22 June 2021
නිරෝධායන නීති කැඩු 369 ක් අත්අඩංගුවට සංචරණ සීමා ඉවත් කළ ඊයේ(21) දිනය තුළ පමණක් නිරෝධායන නීති උල්ලංඝනය කළ 396 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 22 June 2021
කාලගුණයේ වෙනසක් හෙට සිට දැනට පවතින කාලගුණ තත්වයේ වෙනසක් හෙට (23) සිට බලාපොරොත්තු වන බවත් ඒ අනුව වැසි තත්වයේ වැඩිවීමක් සිදුවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 June 2021
ගුවන් භටයාගේ අමුතුම රාජකාරිය 2019 වසරේ සිට හිගුරක්ගොඩ ප්‍රදේශයේ නිවාස රැසක් බිඳ දේපළ සොරාගත් බව කියන ගුවන් හමුදා සාමාජිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 22 June 2021
‘‘රේගු දඩ නොගෙවා අධිකරණයට යාම නිසා කෝටි 6300ක් රජයට අහිමි වෙලා‘‘ නීති විරෝධී ලෙස භාණ්ඩ ආනයනය හා අපනයනය කරන පිරිස් රේගුව මගින් අත්අඩංගුවට ගෙන නියම කරන දඩමුදල් නොගෙවා අධිකරණයේ නඩු පැවරීම නිසා රජයට ලැබිය යුතු රුපියල් කෝටි 6300 කට අධික ආදායමක් අහිමිවී ඇතැයි රේගු දෙපාර්තමේන්තුව පවසයි. 22 June 2021
සහල් කිලෝවක් 100ට දෙන්න එතෙරින් සහල් ගෙන්නයි වෙළඳපොලේ පවතින සහල් මිල පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ (21) රාත්‍රියේ තීරණය කළේය . 22 June 2021
පළාත් පනින්න ආ 266 ආපසු හරවා යවයි කොරොනා වසංගතය හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී එම සීමා නොතකා බස්නාහිර පළාතට ඇතුළුවීමට උත්සාහ ගත් 266 දෙනකු ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි. 22 June 2021
රට ඇරියදා අනතුරුවලින් 11 මරුට රිය අනතුරුවලින් ඊයේ (21) දිනය තුළ පුද්ගලයන් 11 දෙනකු මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. 22 June 2021
ජී.එම්.ඕ.ඒ. නිලවරණය 26 නෑ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ 2021/2022 වර්ෂය සඳහා ලබන 26 වැනි දා පැවැත්වීමට නියමිතව තිබූ නිලවරණය පැවැත්වීමෙන් වළකින ලෙස දැනුම් දුන් කොළඹ දිසා අධිකරණය වත්මන් විධායක කමිටුවේ කටයුතු පවත්වාගෙන යෑමට බාධා නොකරන ලෙස ද දැනුම් දුන්නේය. 21 June 2021
කොවිඩ් මරණ තවත් 52ක් කොවිඩ් ආසාදිතවූ තවත් 52 දෙනකු ඊයේ (20) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය. 21 June 2021
උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත්ට නොතීසි මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධ චෝදනාවකට වැඩ තහනමට ලක්ව සිටි රඹෑව ප්‍රාදේශීය සභා සභාපතිවරයා එම තනතුරෙහි නැවත පිහිටුවීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ජූලි මස 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාට අභියාචනාධිකරණය අද (21) නොතීසි නිකුත් කළේය. 21 June 2021
කොස්තාපල්ගේ වෙඩි පහරින් ටිපර් රියැදුරා මරුට මඩකපුව, සින්නඌරනී ප්‍රදේශයේදී අද (21) පස්වරු 5.10 ට පමණ ඇමති ආරක්ෂක පොලිස් කොස්තාපල්වරයකු සිදුකළ වෙඩි තැබීමකින් ටිපර් රථ රියදුරකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. 21 June 2021
යුපුන් ටෝකියෝ ඔලිම්පික් දොරටුව අභියස ශ්‍රී ලංකා කෙටි ධාවන ශූර යුපුන් අබේකොන් ජාත්‍යන්තර මලල ක්‍රීඩා සංගමයේ මීටර 100 පිරිමි ඉසව්වේ නවතම ශ්‍රේණිගත කිරීම අනුව 46 වැනි ස්ථානයට පැමිණීමත් සමඟ ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමට වැඩි ඉඩක් නිර්මාණය වී ඇති බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පවසයි. 21 June 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 1,732ක් කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 1,732 දෙනකු අද (21) දිනයේ වාර්තාවූ බව සෞඛ්‍ය අංශ පවසයි. 21 June 2021
මාලිනී ගෝවින්නගේ දිවි සැරිය නිමාකරයි ප්‍රවීණ සාහිත්‍යවේදිනියක්, පුවත්පත් කලාවේදිනියක්, ලේඛිකාවක්, මෙන්ම කිවිඳියක් වූ මාලිනී ගොවින්නගේ මෙනවිය අද (21) අභාවප්‍රාප්ත වූවාය. 21 June 2021
‘‘එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් උපරිම වන්දියක් ගන්නවා‘‘ මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් උපරිම වන්දි මුදලක් ලබා ගැනීම සදහා නැවේ හිමිකරුවන් සමඟ දීර්ඝ සාකච්ඡා අරඹා ඇතැයි අධිකරණ අමාත්‍ය අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතීඥ අලි සබ්රි මහතා පවසයි. 21 June 2021
‘‘අවශ්‍ය ප්‍රමාණයට සේවකයන් කැඳවන්න‘‘ බස්නාහිර පළාත තුළ රජයේ අමාත්‍යාංශ සහ අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සේවකයන් කැඳවිය යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට පමණකැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි. 21 June 2021
මැතිවරණ නීති හදන මැති සබා කමිටුවෙන් තීරණයක් මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුහය සහ නීති ප්‍රතිසංස්කරණය කිරීම සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට පිළිගත් දේශපාලන පක්ෂවලට ලබාදී තිබූ කාලය ලබන ජුලි මස 15 වැනිදා දක්වා දීර්ඝ කිරීමට එම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඊයේ (21) තීරණය කළේය. 21 June 2021
තාක්ෂණික උද්‍යාන හතරක් ඉදිකරයි ශ්‍රී ලාංකීය තරුණ පරපුර ඩිජිටල් ලෝකයට ගෙනයෑමේ අරමුණින් ඩිජිටල් ව්‍යවසාය සහ සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය තාක්ෂණික උද්‍යාන (ටෙක් පාක්) හතරක් ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබේ. 21 June 2021
මැණික්,ස්වර්ණාභර්ණ අපනයනකරුවන්ට අගමැතිගෙන් පොරොන්දුවක් මැණික් හා ස්වර්ණාභරණ අපනයනකරුවන් මුහුණ දෙන ගැටලු විසදීමට රජය අවධානය යොමු කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද(21) පැවසීය. 21 June 2021
ස්මාර්ට් දුරකථන ගන්න ගුරුවරුන්ට සහන ණයක් රජයේ පාසල් ගුරුවරුන්ට ටැබ් හෝ ජංගම දුරකථන මිලදී ගැනීම සඳහා සහන ණය ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය. 21 June 2021
තෝර්ට දැන් සුවයි දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදිත සිංහයා ක්‍රම ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් ඌ කුකුළු මස් පවා ආහාරයට ගෙන ඇති බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය . 21 June 2021
කොළඹට නව රථගාල් 12ක් කොළඹ නගරයේ රථවාහන තදබදය වැළැක්වීම සඳහා නව රථගාල් 12ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළේ සිවුවෙනි රථ ගාල කොළඹ 11 අබ්දුල් කාදර් මාවතේ ඉදිකිරීම ඇරඹූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. 21 June 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026