(සුජිත් හේවාජුලිගේ)
දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදිත සිංහයා ක්‍රම ක්‍රමයෙන් සුවය ලබමින් සිටින බවත් ඌ කුකුළු මස් පවා ආහාරයට ගෙන ඇති බවත් වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා ලංකාදීපයට පැවැසීය .
සිංහයාට ආහාරය සඳහා කුකුළකුගේ මස් සහ තවත් ආහාර පෙරේදා ලබාදී තිබු බවත් කුකුළන් දෙදෙනෙකුගේ මස් ඊයේ ලබාදීමට කටයුතු සූදානම් කර තිබූ බවත් රාජ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කළේය.
එසේම සිංහයා නැගිටීමටද උත්සාහ දරන බව ඔහු කීය.
මේ අතර සිංහ ධේනුවගේ පී.සී.ආර් වාර්තාව තවමත් ලැබී නැති බවත් එය අද හෝ හෙට ලැබීමට නියමිත බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි .
සිංහ ධේනුවද සාමාන්‍ය පරිදි ආහාර ගනිමින් සුවසේ සිටින බව සත්වෝද්‍යාන ආරංචි මාර්ග සඳහන් කරයි.
කොවිඩ් ආසාදිත සිංහයාට ප්‍රතිකාර ලබාදීමට ඉන්දියාවේ සත්වෝද්‍යානවල පශු වෛද්‍යවරුන්ගේද සහය ලබාගෙන ඇතැයි වනජීවී රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
දෙහිවල සත්වෝද්‍යානයේ අනෙකුත් සතුන්ට කිසිදු ගැටළුවක් නැතැයි එහි නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනදා කාලා තියෙන්නේ කොස්ද?
සිංහයාගෙන් කව්ද කියමුකෝ පී.සී.ආර්. ටෙස්ට් එක ගත්තු කෙනා..?
මිසිස් තෝර් ටිකක් ප්‍රවේශමෙන්..!!! මිස්ට තෝර්'ට මීටර් 1 වත් දුරස්ථ බව ටික කලක් තියාගන්න. ඒ වගේම ඔය ගොල්ලන්ගේ කූඩුව අසල "නර පනුවන් " ගැවසෙනවා නම් වහාම " මාස්ක් " එකක් දමාගන්න. ඔවුන් තමයි ඔය ජරාව ඔයගොල්ලන්ට ආසාදනය වෙන්නට මග පෑදුවේ. මේ රටේ නරයෝ නම් අහිංසකයි. අනේ ඔවුන් අසරණයි. අපේ රටට ගොඩාක් ඈත තියෙන චීනේ කියන පිස්සන්ගේ රටේ තමයි ඔය මල ජරාව හදලා ලෝකෙටම පතුරවලා තියෙන්නේ. ඔයාගේ කූඩුව පැත්ත පළාතටවත් චීන්නුන්ට එන්න දෙන්න එපා. පන්නලා දමන්න.
අපේ කේසර සිංහයින්ට මේ ලෙඩ හැදෙන්නේ නැද්ද?
හොඳ වෙලාවට ඒ සිංහයා ඉතුරු වුනේ... නැත්නම් අපේ බාල පරම්පරාව හිතයි මේ ඉන්න සිංහ වෙස් ගත් නරි තමයි නියම සිංහයෝ කියලා. පව් මට දුක අර කොඩියේ ඉන්න සිංහයා ගැන... නුඹලාගේ වර්ගයාට අගෞරව කළාට අපිට සමාවෙයන් සිංහයෝ.. බොරු වෙසකට රැවටුණාට, මමත් ඌව හඳුනා ගත්තේ දිගු නැට්ටෙන් සිංහයෝ...