(රංජන් කස්තුරි)
බස්නාහිර පළාත තුළ රජයේ අමාත්‍යාංශ සහ අර්ධ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන් සේවකයන් කැඳවිය යුත්තේ අවශ්‍ය ප්‍රමාණයට පමණකැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
අත්‍යවශ්‍ය සේවා ගණයට අයත් නොවන සේවකයින් සේවයට කැඳවිය හැක්කේ උපරිම වශයෙන් සතියකට දින දෙකක් පමණකැයිද සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ.
අත්‍යවශ්‍ය නොවන සේවකයින්ට නිවසේ සිට රාජකාරී කිරීමට සෑම විටම පෙළඹවිය යුතු බවද පවසයි.
පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් වන හෙයින් අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා සේවකයින් ගෙන්වන්නේ නම් ඔවුන්ට ආයතනය මගින් ප්‍රරවාහන පහසුකම් සලසාදිය යුතු බවද එහි සඳහන්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය ආයතනවල හැමදාම වැඩක් කරගන්න ගියාම සේවකයෝ නැහැ කියනවා. එහෙම එකේ ඉන්න අයත් අඩු කළාම කොහොමද වැඩ කරගන්නේ? අද බැංකුවේ වැඩට මිනිස්සු නැහැ. ජනතාව දිගු පෝලිම්වල... නියම ක්‍රමය සේවකයෝ වැඩිකරලා ජනතා අවශ්‍යතාවය ඉක්මණින් කරලා දෙන්න ඕනෑ. එහෙම කළා නම් කෝවිඩ් පාලනය වෙයි. මිනිස්සු ගැවසෙන එකත් අඩුවෙයි. කාර්යාල ඇතුලේ ඉන්න අය කොහොමත් ඉන්නේ වටකරගෙන...