(යොහාන් භාසුර)
ශ්‍රී ලාංකීය තරුණ පරපුර ඩිජිටල් ලෝකයට ගෙනයෑමේ අරමුණින් ඩිජිටල් ව්‍යවසාය සහ සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශය තාක්‍ෂණික උද්‍යාන (ටෙක් පාක්) හතරක් ස්ථාපිත කිරීමට සැළසුම් කර තිබේ.
එහි පළමු පියවර ලෙස ගාල්ල, කොග්ගල ප්‍රදේශයේ ‘තාක්‍ෂණික උද්‍යාන’ ඉදිකිරීම සඳහා ඩිජිටල් ව්‍යවසාය සහ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතා නිල වශයෙන් පසුගියදා ආරම්භ කළේය.
කුරුණැගල, මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශවලත් සෙසු ‘තාක්‍ෂණික උද්‍යාන’ ඉදිකිරීමට නියමිත බවත් යාපනය සහ දකුණු පළාත කේන්ද්‍රකරමින් තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්ථාන (අයි.ටී. පාක්) ඉදිකිරීමට සැළසුම් කර ඇති බවත් ඩිජිටල් ව්‍යවසාය රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් ගේම් ගහලා පුම්බන්න හැදුවට පැලිච්ච බෝල පිම්බෙන්නේ නැහැ...!!!
අර හන්දියක් ගානේ දැම්මා වගේද?
සැලසුම් ගැන අඬබෙර ගැසීමෙන් අපිට වැඩක් නැත. වැඩේ කරලා කියන්න...
ඇයි ටී. පාක් සෑදීම හොඳයි. නමුත් දැන් ඊට අවස්ථාව නොවෙයි. ඇස්ට්‍රාසෙනිටා දෙවැනි මාත්‍රාව නොමැතිව ලක්ෂ ගණනක් මාස ගණනක් තිස්සේ බලාහිඳින බව අමතකයිද?. ප්‍රමුඛත්වය දිය යුත්තේ මොකක්ද යන්න තෙරුම් නොගැනීම තමයි ආණ්ඩුවෙ වරද... ජයවේවා... කියලා දැම්මා.
ඔයිට වඩා හොඳයි ප්‍රදේශ 04ක් අරන් වගා කරන්න. මොකද ඔය කරන්න හදන්නේ අපේ සල්ලි අන්තර්ජාල ආයතන වලට දෙන්න හදන ප්ලෑන් එකක්.. හාල් මිල පාලනයට අපේ රටෙන් වැඩක් අරගන්න. පිටරටවලට කඩේ යන්න එපා.. ඔන්ලයින් ඉන්ටර්නෙට් කන්නද?