(සුජිත් හේවාජුලිගේ )
කොළඹ නගරයේ රථවාහන තදබදය වැළැක්වීම සඳහා නව රථගාල් 12ක් ඉදිකිරීමේ වැඩපිළිවෙළේ සිවුවෙනි රථ ගාල කොළඹ 11 අබ්දුල් කාදර් මාවතේ ඉදිකිරීම ඇරඹූ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.
මේ රථ ගාල ඉදි කිරීම අරඹා ඇත්තේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මතය.
කොළඹ කොටුව සහ නාරාහෙන්පිට යන ප්‍රදේශවල රථගාල් තුනක ඉදිකිරීම් කටයුතුද මේ දිනවල සිදුකෙරෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ නගරයේ රථවාහන තදබදය වැළැක්වීම සඳහා කලයුතු විශාල වාහන ප්‍රමාණයක් කොළඹට ඇතුලුවීම වළකාලීමට පොදු ප්‍රවාහන සේවය ඉහළ දැම්මා නේද? මේ අතීසාරයට අමුඩ ගැසීමක් නේද?
ඉතාම අත්‍යාවශ්‍ය දෙයක්. සාර්ථකව නිමවේවා...!
'මේ වෙලාවේ මේ රටට රථගාල් එපා. රට සුන්දර කිරීමට පෙර ජනතාවගේ ජීවිත සුන්දර කරන්න'... යන්න ඉතා නොබෝ වේලාවකින් නෑසුනොත් පුදුමයකි.
මේකටද ඩී.එස්. සේනානායක විද්‍යාෙලට යවන්න හදන්නේ...?
එක එක නායකයින්ට හිතෙන හිතෙන තැන්වල ඕවා හදලා හරියනවද? චීනෙන් මහපරිමාණයෙන් වැඩි පොළියට ණයට අරන් හම්බන්තොට හදපු සම්මන්ත්‍රණ ශාලා, ක්‍රීඩාංගණ වගේ දේවලුත් දැන් වල්බිහිවෙලා විනාශ වෙනවා නේද? කිසි සැලසුමක් නැතිව තමන් සියල්ල දත් කියලා හිතන් තීරණ අරන් ඕවා හැදුවාම...? ඕවා හදන ස්ථාන තීරණය කරන්න ඕනෑ නගර නිර්මාණය පිළිබඳව, ගමනාගමනය, රථවාහන සැලසුම් පිළිබඳව දැනුම ඇති අය නේද? ඒ තීරණ මොකටද අගමැති ගන්නේ...? හීනමානය තාම හොඳ වෙලා නැතිද?
රථගාල් ඕනේ තමයි. ඒත් ගොන් වැඩකරලා රටත්, ජනතාවත් අමාරුවේ දාන්න එපා. කොළඹ නගරය සංවර්ධනය කරන්න ඕනේ ඉදිරි අවුරුදු 50ක් දුර බලලා නිසි සැලසුමකට අනුව. ඒ සැලැස්ම තමයි සිංගප්පූරුවේ සර්බානා සමග එකතුවෙලා හැදුවේ. ඒ අනුව තමයි යහපාලන ආණ්ඩුව කාලේ වැඩ කලේ. මෙගා නගරයක් නිර්මාණය කරන්න සෑහෙන කැපවීම් කරන්න ඕනේ. ඒ සඳහා සෑහෙන කාලයක් යනවා. ඒ මගින් අලුත් රැකියා අවස්ථා බිහිවෙනවා. අලුත් ගෙවල්, යටිතල පහසුකම් සහ නව ආර්ථික එන්ජිමක් නිර්මාණය කරනවා. ගමෙන් නගරවලට තරුණ පිරිස් සංක්‍රමණය වෙනවා. ඒ නිසා ගමේ කෘෂිඉඩම් වැඩිවෙනවා. රටේ නිෂ්පාදනය ඉහළ යනවා. රාජපක්‍ෂලා ඇවිත් ඒ ඔක්කොම කනවා...
පාර අයිනේ වාහනයක් පාක්කර ගන්න තිබෙන තැන් ත්‍රී වීලර් කාරයින් අයිති කරගෙන. මාදිවෙල පාරේ වාහනයක් පාක්කරන ස්ථානය දිගටම සුරුට්ටු කඩකාරයින් අයිති කරගෙන. වාහනයක් පාක් කරගන්න ඉඩ නැහැ.